2018/11/10

කොන්දා සහ අපි



ස්කෝලෙ කාලෙ ගොඩක්ම ආතල් ගත්තු
තැනක් තමයි බස් හෝල්ට් එක කියන්නේ ...
ඕන දේකට සෙට් කොල්ලො රැලක් ඉන්න
කොට මොනවද කරන්න බැරි.

ඒ අතර අපි අතින් නොමඳ හිංසනයට
ලක් වෙච්ච එකෙක් තමයි මේ කියන
කොන්දා . හෙවත් කොන්දොස්තර මහත්තයා .

මොකක්දෝ හේතුවකට ඌ අපේ සෙට් එකත්
එක්ක ⁣බද්ධ වෛරෙන් හිටියේ .....
ඒක ඉතිං අපි මෑන් ව බයිට් කරන්න උත්තේජනයක් කර ගත්තා .

*******************************************

දවසක් ස්කෝලෙ ඇරිලත් පැය බාගයක්
විතර හෝල්ට් එකේ ලගා ගහං ඉන්න
අතර අර වාසනාවන්ත බස් එක ආවා.
අර සුකුමාල පරම අහිංසක බද්ධ වෛරක්කාර
කොන්දත් ෆුට්බෝඩ් එකේ එල්ලීගෙන ම
වැඩියා..

ඔය අතරෙ අපේ එකෙක් අඩියක් දෙකක්
ඉස්සරහට ගිහින් කොන්දාගෙන්
අහනවා......

අයියෙ අයියෙ .....
කොහාටද යන්නේ ....
( හැමදාම හෝල්ට් එකට එන බස් එක
යන්නේ කොහාටද කියලා නොදැන
අහනවා නෙමෙයි හොඳේ )

කොන්දා කියපි.
මොරටුව මොරටුව ...
යන අය නඟින්න මොරටුව ..

අයියෙ මොරටුව තව ඉස්සරහා.....
⁣ඕම්ම කෙලින්ම යන්න අයියෙ....
කෙලින්ම ගියා ම මොරටුව ...

මොකක්ද කියන්නේ ....

මොරටුව තව ඉස්සරහා....
ඕම්ම කෙලින් යන්න ...

වටපිට ඉන්න ස්කෝලෙ කෙල්ලොයි අපියි කැකිරි පලන හිනාවක් දැම්මා ..

මොරටුවට යන හැටි තමුසෙ කියන්න
ඕන්නෑ ඕයි......
නඟිනවා නං නඟිනවා නැත්තං නිකං
ඉන්නවා ....

අපි නඟින්නෙ නෑ ඕයි තමුසෙගෙ ලදරමේ....
තමුසෙ යනවා නං යනවා....

තමුසෙ කියන්න ඕන්නෑ ඕයි යන්න.
අපි හැමදාම යනවා තමයි ..
රංජි අයියෙ අද්දනවා ඕයි බස් එක

හූ..... කොන්දා හූ.....
මොරටුව තව ඉස්සරහා....
හූ..........

*****************************************

ආයෙ දවසක්

බස් එක ආවා..

අපේ එකෙක් දුවලා ගිහින් ෆුට්බෝඩ් එකේ
එල්ලුනා...
දැන් අපේ මෑන්ගෙ එක කකුලක් බිම .
අනික් කකුල ෆුට්බෝඩ් එකේ...
එක අතකින් බාර් එක අල්ලගෙ මෑන් අපිට
කතා කරනවා මෙහෙම.....

ඒයි,නැගහල්ලා....
වරෙන් ....

ඕකෙ යන්න බෑ බං
වෙන එකක යං...

මේකෙ යං බං..
වරෙල්ලා කට්ටිය නැඟහං
අයියෙ මේක මොරටුව නේද...

ඔව්,ඔව් මොරටුව තමයි ..
නඟිනවා නං,නඟිනවා ..

ඕකෙ යන්න බෑ බං වෙන එකක යං..

දැන්,ඔය විදියට අරූ බස් එක නවත්තගෙන
අපිට කතා කරනවා..
අපි බෑ කියනවා....
ඩයිවර හෙවත් රංජි අයියා රේස් කර කර ඉන්නවා .....

මේ සෙල්ලම බලන්න බැරි තැන කොන්දා කෑ ගැහුවා ...

තමුසෙලා යනවා නං නඟිනවා ඕයි...
අපිට පරක්කු වෙනවා මෙතන..

අනේ තමුසෙට පරක්කු වෙනවා නං
තමුසෙ යනවා ඕයි ....
අපි එන්නං වෙන එකක..
ඕන තරං පාරෙ බස් තියෙන්නේ ....
මේම කියාගෙන ෆුට්බෝඩ් එකේ හිටපු
යාළුවා බැහැලා ආවා....

විනාඩි කීපයක් අපි වෙනුවෙන් තැපගෙන
හිටපු බස්එක සැර දුමක් දාගෙන ගියා..

අඩෝ කොන්දා හූ......

********************************************

ඉන්ටවල් එක වෙලාවෙ යාළුවෙක් මරු නිව්ස්
එකක් ගෙනාවා.

අඩො අර බස් ⁣එකේ ඩයිවරයා මාරුවෙලා..
රංජි අයියා නෙමෙයි ඉන්නේ ...

කොහොමද දන්නේ ....

ඊයෙ මෑන් ආවෙ නෑ ...
අද උදෙත් නෑ .....
අළුත් පොරක් ඉන්නේ ...

දෙමුද වැඩක් .
################

හවස වෙනදා වගේම බස් එක හෝල්ට් එකට
ආවා..
එදා නං කට කපලා සෙනඟ...
කොන්දා බස්එකෙන් බිමට බැහැලා
ජනේල වලින් අත ඇතුලට දාලා තව ඉඩ ගන්නවා ..

ඔය ඔතනින් තව එහාට යන්නකෝ...
ඉඩ තියෙනවනෙ ඇතුලෙ ..
මේ ෆුට්බෝඩ් එකේ කට්ටිය තෙරපෙනවා..
යන්ඩකො එහාට..
ඔන්න ඕගොල්ලොන්ටමයි පරක්කු
වෙන්නෙ....

අපි සෙට් එකම පැනපු ගමන් ෆුට්බෝඩ් එකේ
එල්ලුනා ....
එකෙක් ඩ්‍රයිවර්ට සයිඩ් කන්නාඩියෙන්
ෆුට්බෝඩ් එක පේන්නෙ නැති විදියට කවර්
කර ගත්තා ..
හැම එකාම කොන්දට එල්ලෙන්න බැරි විදියට
කකුල තියාගන්න බැරි විදියට ෆුට්බෝඩ් එක
හිර කර ගත්තා ....

හරි හරේ.......
අපේ එකෙක් කෑගැහුව

කොන්දයියා දාලා බස් එක ඇද්දුවා....
අළුත් ඩ‍්‍රයිවර්ට කොන්දගෙ කටහඬ
එච්චර ගානක් උනේ නෑ ....
අපි හුරේ දදා කෑගගහා ෆන් එක ගත්තා .

හැබැයි ඒ හෝල්ට් දෙකක් විතර යනකං
විතරයි ..

කඩාගෙන ආපු ත්‍රීවීලර් එකක් හෝන් ගහගෙන අැවිත් බස් එක හරස් කලා...

තුම්මුනිං දාඩිය දාගෙන ..
මූණ වෙසමුණියා කරගෙන ත්‍රීවීලර් එකෙන්
බැහැපු කොන්දා මුලින්ම ආවෙ ඩ්‍රයිවර්
ගාවට.....

මොන £ත්තක්ද ඕයි තමුසෙ කරන්නේ ..
මං නඟින්නත් කලින් බස් එක අද්දන්නෙ............
තමුසෙට මෝල්ගායද ...
£කන්න තියලා මෙතන ..

අම්මට සිරි ...
බස් එකට නැගලා නෙමේද හිටියේ ..
මට යං කියලා කිව්ව නිසා ඕයි ගියේ..

යං කිව්වා ....
අම්මගෙ රෙද්ද කිව්වේ ...
හොඳ වෙලාවට ත්‍රීවීල් එකක් හම්බුනේ...
නැත්නං මොරටුවට යනකං තමුසෙ යනවා
⁣ගොනා වගේ....

නෑ මල්ලි කවුද හරි හරී කිව්වා
ඒකයි ඇද්දුවේ

හරි හරී....
මේ £ත්තිගෙ කොල්ලො නඟින කොට
මට හිතුනා මොකක් හරි කෙලියක්
කියලා....

කොන්දා එහෙම කියාගෙන ෆුට්බෝඩ් එක
දිහාට ආවා...
ඒ වෙනකොට අපි ෆුට්බෝඩ් එකේ නෑ ...
මොකද්දෝ හදිසි වැඩක් මතක් වෙලා
කට්ටිය ම ඒකට ගිහින් ..
( පැනලා දිව්වා නෙමෙයි හොඳේ )

ඊට පස්සෙ කාලයක් යනකං ඒ
බස්එක අපෙ හෝල්ට් එකේ නැවැත්තුවෙ
නෑ .

ඈ බොල ඇරියනේ

මේ අපේ තව යාළුවෙක් ගැන කතාවක් .
සිද්ධිය වෙලා නං සෑහෙන කාලයක් වෙනවා..

මේ ස්කෝලෙන් අවුට් වෙච්ච අලුත.
ඒ කාලෙ අපි හිටියේ ගල්කිස්සෙ ඩිපෝ එක කිට්ටුව .
දහයක දොලහක විතර කොල්ලො සෙට්
එකක් හිටියා .
ඔය ගැන්සියෙ එකෙක් හිටියා පොරගෙ
ගෙවල් තිබුණේ බීච් එකේ...
ඒ කියන්නේ රේල් පාරෙනුත් එහා..
ආදරේටයි මතක තියාගන්ඩ ලේසි නිසයි
" වැල්ලේ කොල්ලා " කියලා තමා කිව්වේ අපි......
ඒක⁣ට උගෙ අකමැත්තකුත් නෑ ..
අකමැතියි කියලා අපි නොකියා ඉන්නෙත්
නෑ ඉතිං ....

දවසක අපි කයියක් ගහන් ඉන්න අත⁣රෙ
ට්‍රිප් එකක් යං කියලා කතාවක් ඇදිලා ආවා.......

එකෙක් කියපි මාතර පොල්හේන මරු කියලා .

" අඩෝ මරු ප්ලේස් එකලු බං..
නාන්න පුළුවන් ලු ලෙසටම..
බීච් එක ෆුල් සේෆ්ටිලු...
අන්න බං යනවා නං ප්ලේස් එක....
අඩෝ අපෙ අයියලා ගිහින් මරු ආතල්
එකක් බං අරන් තියෙන්නේ ...."

දැන් ඉතිං හෙටම පොල්හේනෙ යන්න දාගත්තා.
ඒ කාලෙ වෙන වැඩකුත් නෑනෙ රස්තියාදුව
ඇරුනම...
ඔක්කොම තීරණය කලාට පස්සේ තමයි
අපේ වැල්ලෙ කොල්ලා එතනට ආවෙ..

" අඩෝ වැල්ලේ ...
හෙට යනවා අපි ට්‍රිපක්.
වරෙන් හොඳේ ..."

" කොහෙද යන්නේ "

" ටහුකන්ඩ තොට තැන කිව්වමද එන්නේ ..
වරෙන් කිව්වම වරෙන් "

"හෙට වැඩකුත් දාගෙන තියෙනවා බං...
කොහෙද කියහංකො යන්නේ "

" පොල්හේන කියලා ප්ලේස් එකක් බං...
මූ තමයි කියන්නේ හොඳයිලු...
නාන්න ඇඳුම් අරන් වරෙන් හොඳේ "

"හරි හරි එන්නං...⁣
හෙට අතට ගාණක් එන වැඩකුත්
දා ගත්තා බං..."

" සල්ලි අද ඉල්ල ගනිං...
වැඩේ පස්සේ කරලා දියං"

ඔහොම කතා බහ ඉවර වෙලා කට්ටිය
කතා කර ගත්තු ට්‍රිප ගියා....

ඒ කාලෙ පොල්හේන බීච් එක එච්චරටම
ෆේමස් නෑ ....
ඒ හින්දා සෙනඟ දැන් තරං නෑ ..
වෙලෙන්දොත් නෑ ...
අපි හිතේ හැටියට කෑ ගගහා නෑවා..

අපෙ කතා නායකයා
වැල්ලෙ කොලුවා මූදට බැහැපු වෙලාවෙ
ඉඳලා යං ලු......

" නනා ඉඳලා බෑ බං
ඉක්මනට යං...."

" අනේ මේ....
නහුකා කට වහගනිං...."

" මෙතනම ඉඳලා හරියන්නේ නෑ බං
යංකො බං...."

" අඩෝ උඹට මොකක්ද තියෙන තදියම...
ආවා නං හිටපං කට වහගෙන...
බලපං උඹලගෙ වැල්ල වගේද කියලා
මේ බීච් එක....."

" අනේ මේ....
බීච් ගැන මට කියන්න එපා....
මෙතනම ඉඳලා හරියන්නේ නෑ බං..
අපි යනවා කිව්ව ප්ලේස් එකට යං.."

" යනවා කිව්ව ප්ලේස් එක කියන්නේ
මොකද්ද යකෝ..."

" ඇයි යකෝ ...
තොපිලා දැන් පොල්හේනකද කොහෙද
නේ යනවා කියලා කිව්වේ ...."

" තොට පිස්සු ද යකෝ....
මේ තමා පොල් හේන.....
පොල්හේනෙ බීච් එකේ නාන්න තමයි ආවෙ...."

ඒ පාර අපෙ වැල්ලෙ කොල්ලට ඇත්තටම මල පැන්නා ...

" බොලා මේ ආවෙ මූදෙ නාන්නද "

" ඔව් යකෝ...
ඇයි බොට වතුර ඇලජික් ද..."

ඌට මල පැන්නා සුපිරියටම

" ඈ බොල ඇරියනේ....
තොපි ලා මාව මූදෙ නාන්නද මෙච්චර
දුර එක්කං ආවෙ....
උට්ටො මට මූදෙ නාන්න ඕනෙ නං මෙච්චර දුර එන්න ඕනෙ ද යකෝ....
මට ගේ ඉස්සරහා තියෙන මූදෙන්
හැමදාම නාන්න පුළුවන් නෙ යකෝ....
තොපිලා මේ පොල්හේනක් ගැන කියපු
නිසා මම හිතුවෙ හේනකට යනවා
කියලා උට්ටො ......
දන්නවා නං එන්නෙත් නෑ උට්ටො ..."

මූට කොච්චර මල පැන්නද කියනවා නං එනකම්ම එකෙක් එක්ක වත්
කතා කලේම නෑ .

රැල්ලට යාම හෙවත් හොඳම මිතුරාගේ පටි රෝල් කිරීම...



සුනිමල් ජයන්ත ...
එහෙමත් නැත්තං ජයා..
මෑන් ගැන තමයි මේ එලිදක්වන්න
යන්නේ .....

මට ජයා උනාට අනිත් හැමෝම මෑන්ට
කතා කලේ " අවුලා " කියලා ..
හේතුව තමයි " අවුලක් නෑ " කියන වචන
දෙක නිතරම පිටවීම...

මේක කියවන අයගේ හිතසුව පිණිසත්,
මෑන් ගෙ හැටි හරියට අඳුනගන්න
පහසු වෙන්නත් එක්ක අවුලා නැත්තං
ජයාව මට මීට් වෙච්චි විදිය කියලම පටන්
ගන්නංකො..

99/2000 ජාතික තරුණ සේවා සබාවෙ
"නාට්‍ය හා රංග කලාව" ඩිප්ලෝමා පාඨමාලාව
සඳහා සම්මුඛ පරීක්ෂණ දෙකකින් පස්සේ
කොළඹ දිස්ත්‍රික්කයෙන් තුන් දෙනෙක්
තේරුනා.

ඒ ගල්කිස්සෙන් මමත්
දෙහිවලින් සුනිමල් ජයන්ත නොහොත්
අවුලා නොහොත් ජයා ත්
මට්ටක්කුලියෙන් ජගත් ජයසිරිත්
( ජයසිරි පස්සෙ කාලෙක කලාවෙන්
වගේම අපෙනුත් සමුගත්තා)

අද කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිත වෙන
මිහිර සිරිතිලක , අතුල ජයසිංහ ,
අසංක පෙරේරා , ආලෝක සම්පත්
වගේම මාධනී මල්වත්ත මේ හැමෝම
එදා ඒ පාඨමාලාව හදාරපු සිසුන්.

ඉතිං කතාවට එමුකෝ...

අපෙ කතා නායක ජයා මට පලමු දවසෙම
හිතවත් උනා....
කිට්ටුව ගමේ නිසා එකට යන්න එන්න වීමට
අමතරව ,
කතාබහ කරද්දි දැනගත්තු විදියට
අපි දෙන්නම ඒ කාලෙ එකම ආයතනයේ
ශාඛා දෙකක සේවය කිරීමත්
( පාට්ටයිම් ජොබ් එකක්) හිතවත් කමට බලපෑවා....

අදාල කතාවට එන්න ඕන නිසා
නාට්‍ය පාසලේ වෙච්චි දහසක්
මතක අතරින් එකක් දෙකක් මතක්
කරලා ඉන්නං..

මෑන් ගැන නාට්‍ය පාසලේ ප්‍රසිද්ධ මතකය
තමා මෑන්ගෙ හයි වොලියුම් ටෝන් එක.....
හරියට කණ ලඟ ලවුස්පීකර් බැන්ඳා වගේ තමයි ..
පස්සේ කාලෙක ජයාගෙ ලවුස්පීකර් වොයිස්
එක නිසා මම කාපු කටු නං අනන්තයි ..

පස්සෙ පස්සෙ නාට්‍ය පාසැලේ ජයා
කතා කරන්න හදන හැම වෙලාවෙම
කවුරු හරි " මචං.. වොලියුම් අඩු කරහං"
කියලා කියන්න පටන් ගත්තා ...
ඔය වැඩේ නිතරම කරන්න බාර ගත්තේ
අද ජනප්‍රිය නළුවෙක් වෙන ආලෝක..

ජයාගෙ රඟපෑමුත් නරකම නෑ ....
දවසක් අපි පේරාදෙණිය වලේ⁣ කෙටි නාට්‍ය
කීපයක් පෙන්නුවා...
එක නාට්‍යයක ජවනිකාවක් තමා
ධීවර පිරිසක් මුහුදේ සිට ඔරු වලින්
වෙරලට හබල් ගා⁣ගෙන එන දර්ශනයක්.
ධීවර නළුවො ටික අභිනයෙන්
හබල් ගාමින්වෙරලට ආවා....

දර්ශනය අවසානයේ නාට්‍ය පිලිබඳව
සමාලෝචනයක යෙදුණු නැසීගිය
ප්‍රවීණ නාට්‍ය වේදී ගාමිණි
හත්තොට්ටුවේගම ගුරුතුමා
මෙහෙම ඇහුවා.....

" හැමෝම හොඳට කලා...
ඒත් හැම ඔරුවම මෙගොඩට එද්දී..
කාගෙදෝ ඔරුවක් දියඹට ගහගෙන
යනවා වගේ පෙනුණා.....
කවුද ඒ දෙන්නා ......""

පිලිගන්න හිතවතුනි...
ඒ අපේ කතා නායක ජයා සහ
අර ජගත් ජයසිරි...

*****************************************

ජයා බීමටත් කියාපු මෑන් ....
ඇත්තටම බීමට ආධුනික මට හොඳ
පුහුණුවක් ලැබුනෙ ජයාට
පිං සිද්ධ වෙන්න...

ඒ පින නං අපෙ අම්මා
නිතරම අනුමෝදන් කරනවා ජයාට..

දවසක් නාට්‍ය පාසල ඉවරවෙලා
ජයාට ඇල් කොහොල් තිබහක්
ඇවිත් මමයි ජයයි තව එකෙකුයි
බාර් එකකට ගියා.....
බියර් තුනක් ඕඩර් කරලා අපි
තුන්දෙනා කතා කර කර ඉන්න ගමන්
මැනේජරයා ඇවිල්ලා බාර් එකට
පොඩි ලමයි අරගෙන එනවා කියලා අපිට
බැන්නා කියාංකො ........

ටික වෙලාවක් ගියාමයි වැඩේ තේරුණේ......

මමයි ජයයි එක්ක ආපු අනිත් යාළුවා
ඇවිත් තියෙන්නේ නාට්‍යයකට ඇඳපු
සුදු කලිසමයි කමිසෙයි පිටින් ...
අනික ඒකගෙ පෙනුමත් පොඩි එකෙක්ගෙ වගේ.....
කොච්චර පැහැදිලි කලත් මැනේජරයා
තේරුං ගත්තේ නෑ ....
ඉතිං අපිඇල්කොහොල් පවස
නිවා ගන්න එක පැත්තකින් තියලා
අරූට බැන බැන එලියට ආවා....

අද ඒ පෙනුමෙන් පොඩි එකා
ජනප්‍රිය නළුවෙක් ⁣ෆ්‍රෙන්ඩ්ස්.....
නම අහන්ඩ එපා.....

දවසක් ජයා එක්ක බාර් එකක ඉන්න
ගමන් මෑන් ගෙ යාළුවෙක් මුණ ගැහිලා මෙන්න මෙහෙම දෙබස් ටිකක් ගියා...

අඩෝ...අවුලා.... කොහොමද ..

හිහී....අවුලක් නෑ බං..
ඉන්නවා ඉතිං ..

ගිය සුමානෙ මම උඹව දැක්කනෙ
බං බාර් එකේ....

ඉන්න ඇති බං...
අවුලක් නෑනෙ...

අවුලක් නෑ කියන්නේ ...
එදා උඹ තනියම කතා කර කර
බිබී ඉන්නවනෙ මම දැක්කෙ ...

ආ......
එදාද.....
ඒ මම මාත් එක්කම ගැටුනා....
අවුලක් නෑනෙ....

පෑඩ්



ඒ කාලෙ ස්කෝලෙ ලෙදර් ක්‍රිකට් ප්‍රැක්ටිස්
යනවා මං.....
අත්‍යවශ්‍යම ආම්පන්න ගත්තත්
ලෙදර් බැට් ෆෑඩ්ස් එහෙම යාළුවොන්
ගෙන් තමයි ඉල්ලගෙන සෙල්ලං කරන්නේ ...........
( ඒ තරං පෝසත්)

ඔය කාලෙ දහම් පාසලේ යාළුවෙක් හිටියා.
නම නං මතක නෑ දැන් ..
දහම් පාසලේ යාළුවෙක් කියලා කිව්වේ එ්කා
වෙන ස්කෝලෙකට ගි⁣ය නිසා...
දහම් පාසලේදි විතරයි මුණ ගැහෙන්නෙ ............

මිනිහත් ඉතිං ( මිනිහා කියන්නේ මගෙ යාළුවා ) ක්‍රිකට් ෆුට්බෝල් ස්විමින්
කරනවා එයාගෙ ස්කෝලෙ

අපි දෙන්නා සතියකට සැරයක්
දහම් පාසලේ දි මුණ ගැහුනම
ගහපු ගැහිලියි, වෙච්චි දේවලුයි
අනං මනං කතා ගොඩයි...
දහම් පාසලේ කෙල්ලො ඉතිං කට ඇරං
අහං ඉන්නවා ....
හරි සෝක් අපිට ....

එක දවසක යාළුවා කියපි......

මචං ...
මගෙ පෑඩ් දෙක කැඩිලා...
හෙට මැච් එකක් තියෙනවා මට ...
මට එක දවසකට ඔයාගෙ පෑඩ් දෙක දෙනවද කියලා .....

යාළුවෙක් උදව්වක් ඉල්ලුවම කොහොම
හරි ඉෂ්ට කරලා දෙන්න හදන අමාරුව
පොඩි කාලෙත් මට තිබුණා ...
තාමත් තියෙනවා ....

යාළුවත් ඉතිං යමක් කමක් තියෙන එකෙක් ......
ඒත් මේ වගෙ වෙලාවක මගෙන්
උදව්වක් ඉල්ලුවම බෑ කියලත් බෑ ...

මං ඉල්ලගන්නෙත් යාළුවෙක් ගෙන් බං...............
දහම් පාසල් ඇරිලා යං උගෙ ගෙදර...
ගිහින් ඉල්ලමු....

මං කිව්වා...
යාළුවත් කැමති උනා.

දහම් පාසල් ඇරිලා මුලින්ම ගියේ
අපේ ගෙදරට....

මට වගේ කාඩ පෙනුමක් නැති
ටිකක් ප්‍රියමනාප පෙනුමක් තියෙන කෙනෙක් යාළුවෙක් හැටියට ඉන්නවා කියලා අම්මට පෙන්නන්නත් එක්ක...

යාළුවා දිහා බලල අම්මත් පර්මිෂන් දුන්නා
ගිහින් වැඩේ කරලා දීලා ඉක්මනට එන්න කියලා ....

අපි දෙන්නා ඉතිං ගියා රස්තියාදුවෙ

එක යාළුවෙක් කිව්වා ඌටත් හෙට මැච් එකක් කියලා .....
තව එකෙක් කිව්වා වෙන යාළුවෙක් ඉල්ලං ගියා කියලා .....

ඔහොම ඔහොම තුන් හතර පොලකට
ගියත් වැඩේ කෙරුනෙ නෑ .....

අන්තිමට මගෙ යාළුවා වැඩේ අතඇරලා දැම්මා ....
සමා....
අවුලක් නෑ එහෙනං මං අපේ ගෙවල් පැත්තේ එකෙක් ගෙන් බලන්නං කියලා .

මිනිහව ( යාළුවව ) බස් එකට නග්ගලා
මම ගෙදර ආවා.....

ඊළඟ සතියේ දහම් පාසලේ දී.....

මම
ඒ බං....
එදා මැච් එක ගැහුවද...

යාළුවා
ඔව් බං
අපි දිනුම් .
මං පෑඩ් දෙකකුත් හොයාගත්තා.

කොහොමද ස්කෝර් එක....
උඹ ලකුණු කීයක් ගැහුවද...

මං සෙන්ටර් බං ගැහුවෙ
තුනට බිංදුවයි...

ඒ කියන්නේ .....

අපි ගෝල් තුනයි
උන් බිංදුවයි....

ක්‍රිකට් මැච් එකක් නෙමෙයිද
ගැහුවෙ ....

නෑ .... ෆුට්බෝල් .

මම ඌ එක්ක පැය දෙක තුනක රස්තියාදුවක් ගැහුවෙ ක්‍රිකට් පෑඩ් දෙකක් ඉල්ලලා දෙන්න.......

ඌ මාත් එක්ක පැය දෙක තුනක් රස්තියාදු වෙලා තියෙන්නේ ෆුට්බෝල් පෑඩ් දෙකක් ඉල්ල ගන්න .

ගණන් කාරයෙක්



ගොඩක් අය⁣ට හැදුණු ලෙඩේ
බරටම....
සැරටම....
මටත් හැදිලා තිබුණා .
පොඩි කාලෙ ඉඳලම.....

ගණන් බෑ.....

සිංහල බුද්ධාගම වගේ විෂයන් කිරි කජු
වගේ උනත් ගණන් නං මෙලෝ සංසාරයක්
බෑ......

එකතු කිරීම අඩු කිරීම නං ඉතිං අත් කකුල් වල ඇඟිලි වල පිහිටෙන් විසඳගත්තා
කියමුකො ...

නිබිල , කුලක , ප්‍රස්ථාර ,
ජ්‍යාමිතිය , සමීකරණ

මේවා නිකං ජපන් , ප්‍රංස , චීන
අකුරු වලට වඩා වැඩි වෙනසක්
මට දැනිලම නෑ ....

එක වසර
දෙක වසර
තුන වසර විතරක් නෙවෙයි ...
හය හත වසර වලදිත් ඔහොම්ම
තමයි ....

එක අවුරුද්දක මම
පංතියේ හත් වෙනියා...
එ්ත් ගණන් වලට ලකුණු හතයි.

රිපෝට් එක බලලා මටම හිනා 😃 ...

ඒ අටේ පංතියේ දෙවෙනි වාර විබාගෙදි...

හිනා නෙවෙයි ම⁣ට දැන් මැවි මැවි
පේනවා තව අවුරුදු එකහමාරකින්
ඕ ලෙවල් ලියන හැටි...

ඒක ෆේල් වෙලා බෝක්කු ගාණෙ
ඉඳං ඉන්න හැටි....

ඒ කියන්නේ මේ ගණන් කියන මඟුලක්
හින්දා මගෙ අනාගතේම ඉවරයි ...
ඕ ලෙවල් වලට තව අවුරුදු එකහමාරයි.

ඇත්තටම මට ගණන් ඉගෙනගන්න
ඕනෙ .....
ඕලෙවල් පාස් වෙන්න ඕනෙ ....
හොඳ රස්සාවක් කරන්න ඕනෙ ...............................
මට ඇත්තටම ගණන් ඉගෙන ගන්න ඕනේ .

පොඩි කාලෙ ඉඳන් ම හතර අතේ
ටියුෂන් ගියත් ගණන් නං මට පත්තියං
උනේම නෑ .....

ඉස්කෝලෙ....

ඉස්කෝලෙ ගණන් මිස්ලා
සර්ලා කලේ.....
පාඩම කරගෙන කරගෙන කරගෙන
යනවා...
ගණන් හදපු ලමයින්ට හරි දාගෙන
දාගෙන දාගෙන යනවා..
හදපු නැති එවුන්ට තඩි බාගෙන
බාගෙන බාගෙන යනවා.....

ගුටි මිසක් ගණන් නං නෙමෙයි
පත්තියං උනේ....

ගුටි කනවා බලං ඉන්න බැරි කමටද
මන්දා මගෙ හොඳම යාළුවා මහින්ද
(දැන්Roshan Jayasinghe) මට
මෙහෙම යෝජනාවක් කලා...

" සමන්ත
ඔයා එන්න අපෙ ටියුෂන් පංතියට "
.
.
.
.
.
. එතන තමයි හැමදේම වෙනස්
කරපු තැන..

පිහිටක් හොයාගෙන දේවාල දහස්
ගාණක් පස්සෙ යන මිනිස්සු වගේ
මමත් මේ දේවාලෙටත් යන්න
තීරණය කලා....

ඇත්තටම එතන දේවාලයක්
තිබුණා ...
දෙයියෙක් හිටියා...

දේවාලෙ තිබුණේ පානදුරේ ..
දෙවියා තමයි ජයන්ත සර්..
( සමහරු කිව්වේ ගජමෑන් කියලා )

මොකද්දෝ හේතුවකට අච්චර ගණන්
බැරි මාව ඒ සර් බාරගත්තා...

හොඳම අය A ක්ලාස් එකට
මධ්‍යස්ථ අය B ක්ලාස් එකට
මං ඇතුළු මැට්ටො ටික C එකට

ඔව්.

ස්කෝලෙ වගේ
හැමෝම එකට දාලා උගන්නන්නෙ
නැතුව දැනුම අනුව වර්ග කරලා

එක පංතියකට ළමයි විස්සයි.
ළමයි ගාණ ඊට වඩා වැඩිවෙන්න
විදියක් නෑ ....
හේතුව ......
හැම ළමයෙකුටම සිමෙන්ති බංකුවක්
සහිත මේසයක් ⁣පොලවට
හයි කරලා....

සතියට දවස් දෙකක් පංති...
සඳුදයි සෙනසුරාදයි
එක දවසට පැය එකහමාරක්..
සඳුදා පංතිය ඉවර වෙන්නේ
රෑ නමයට...
ඒකාලෙ අන්තිම බස් එක පානදුරින් ⁣
කොටුවට පිටත් වෙන්නෙත් නමය⁣ට.....

එ්ක මිස් උනොත් ගල්කිස්සෙ ගෙදරට
යනකං පයින්...
ඇත්තටම දවසක් බස් එක මිස් වෙලා
පයින්ම ගෙදර ගියා...
රෑ එකොළහා මාරයි ගෙදරට ⁣⁣යනකොට.

මගේ ජීවිතේ ඉදිරි අවුරුදු එකහමාර
මම ඒ සර්ට බාර කලා.....

හේතුව
මට ඕලෙවල් ෆේල් වෙන්න නං බෑ.

හැම සෙනසුරාදා උදේකමත්,
සඳුදා හවස් වරුවත් මම ගල්කිස්සෙ
ඉඳලා පානදුරට බඩගෑවා...

ඒ කාලෙ ගෙදර අඟහිග කං
වැඩියෙන් තිබුණු කාලෙ...
බස් එකේ යන්න රුපියල් දහයක්
නැතුව ඇස්දෙකේ කඳුළු පුරෝගෙන
ගෙදර නැවතුනු වෙලාවල් තිබුණා ....

අහල පහල ගෙවල් වලින්
තාත්තා ආවම දෙන්නං කියලා
හිඟපාඩු රුපියල දෙක ඉල්ල
ඉල්ල ගිය දවස් තිබුණා ....

ඒත් මම කොහොම හරි මේ
ගණන් පංතියට ගියා...

හේතුව
මට ඕලෙවල් පාස් වෙන්න ඕනේ .

ඇත්තටම ඒ දෙයියගෙ දේවාලෙදි
අර ජපන් ප්‍රංස චීන වෙලා පෙණුනු
ගණිතය සිංහලෙන් පේන්න ගත්තා .

ඒක නං තනිකරම දෙයියගෙ දස්සකම..............
මම කලේ කියපු විදියට පේ වුණු
එක විතරයි ...

සතියක් දෙකක් ගියාම සර් මට
මෙහෙම කිව්වා ...

" අයිසෙ සමන්ත
තව පංතියක් තියෙනවා අහවල්
දවසෙ......
ඔයා මම නවතින්න කියනකං
එ්කටත් එන්න "

ඕක මොකද්ද මට .
ගියා ඒ පංතියට 😃 😃

ඒක හය ශ්‍රේණියෙ පංතිය

මගේ පහල පංතිවල දැනුම සර් මට
සම්පූර්ණ කලේ ඒ විදියට ....

මට වඩා අවුරුදු දෙක තුනක් පහල
අයගෙ පංතියේ ඉගෙන ගන්න එක
මට ලැජ්ජාවක් උනේ නැති එක
ගැන අද මට අාඩම්බරයි .
( අර පොඩි ⁣කොල්ලො කෙල්ලො
ලැජ්ජ උනාද දන්නෑ)

ටික කාලෙකින් ඊලඟ පංතියටත්..
එතනින් ඊලඟ පංතියටත්
සර් මාව දැම්මා....

ඕලෙවල් වලට මාස හයක් තියෙද්දී
මම ගණන් හොය හොය හදන තත්වෙට
පත් උනා...

අවසන් ප්‍රතිඵලය....

අවුරුදු එකහමාරකට කලින්
ගණන් වලට ලකුණු හතක් ගත්තු මම
ඕලෙවල් ගණන් පාස්....

😃 😃 😃

ඒ විතරක් නෙවෙයි

උසස් පෙළ ගණිතය හදාරන්න
මොරටුවෙ වේල්ස් කුමර විදුහලටත්
ඇතුළු උනා...

ඒ විතරක් නෙවෙයි

ඒ ලෙවල් කරන ගමන්ම
ඕ ලෙවල් ගණන් ෆේල් අයට
ටියුෂන් පංතියකුත් කලා...

ඒ මුල්ම කණ්ඩායමේ හිටපු
මට අවුරුද්දක් බාල මල්ලි කෙනෙක්
අද ලිට්ල් ලයන් ආයතනයේ මුල්
පුටුවක.....

මේ ළඟදිත්
එයාලට මම කියලා දුන්නු කෙටික්‍රම
මතක් කරලා මැසේජ් එකක්
එවලා තිබුණා ...

ඒ මට අර දෙයියා කියලා දුන්නු ක්‍රම..

අවුරුදු කීපයක් යනකං මම ඕලෙවල්
රිවිෂන් ක්ලාස් කලා...
මට ඕනෙ උනේ මම වගේම නන්නත්තාර
වෙන්න ගිය කීප දෙනෙක්ව ගොඩ
දාන්න.....

වසර අවසානයේ පංතිය ගැන
එයාලට දැනෙන දේ ලියන්න මම
පොතක් දුන්නා .....
ඒ පොත අදටත් මං ළඟ තියෙනවා .
අාදරය කරනඅජීවී වස්තු කීපය
අතර ඒකත් එකක්....

*********************************

* කතාව ටිකක් නීරස ඇති.
ඒත් මේක ලියන්න හිතුවෙ

අපේ ජීවිත වෙනස් කරන්න
දෙවිවරු කීප දෙනෙක් මේ ලෝකෙට
ඇවිත් ඉන්නවා ...
මට මුණ ගැහුණු එක දෙවියෙක්
ගැන ඔයාලට කියන්න .

ඕ ලෙවල් ඇණගෙන කොහෙදෝ
අතරමං වෙන්න හිටි එකෙක් ගෙ
කැපවීම ගැන දැකලා
ඒක හයියක් කරගන්න හිතන තව
කාට හරි කියවන්න .

අවුලා සෙට් කල කෑල්ල

ජයා හෙවත් අවුලා ගැන අවසානයට
ලියන කතාව තමා මේ.....

ඊට කලින් කීප දෙනෙක් අහලා තිබුන
ප්‍රශ්න කීපයකට උත්තර දෙන්නං

අවුලා බුකියෙ නෑ ..
අවුලා බැන්ඳෙත් නෑ ..
ඌ ගැන ලියන එක උෟට අවුලකුත්
නෑ කියලා මට ශුවර් .....
අවුලා ලඟ මගෙ නංගිව හරි නෝනව
හරි තියලා යන්න මට බයක් නෑ ..
මොකද ඌ සබ්ජෙක්ට් එකට කැමති අය
එක්ක මිසක් දකින හැම ගෑණියෙක් ටම
ටෝක් කරන්නේ නෑ .....

මම මේ ලියන්නෙ අවුලගෙ පිස්සු වැඩ උනාට
ඌ හොඳ මීටරයක් සමාජෙට....
රාජ්‍ය නාට්‍ය උලෙලවල් වලට අවසානවටයට
පවා සුදුසුකම් ලබපු නාට්‍ය කල එකෙක් .

කලාව සාහිත්‍ය දේශපාලනය ගැන
එලිවෙන කං,කතා කරන්න පුළුවන් එකෙක් .

දෙමව්පියන් ගෙත් , උගෙත් උනන්දුවක්
නැතිකම නිසා කසාදයක් කරගන්න
බැරි උනාට එල පොරක්....

හරි දැන් අන්තිම කතාවට යමු.

ඒ දවස් වල අවුලයි මමයි
රෑ වැඩ කල බව මතක ඇතිනේ ..
ඉතිං උදේ ඉඳලා හවස් වෙනකං
ඕන ජෝගියක් නටන්න වෙලාව තිබුණා ..

මේක ලියන ගමන් මතක් උන සිද්ධියක්
ලියන්නං..

දවසක් මමයි ඒ දවස් වල යාළු වෙලා
හිටිය ගර්ලුයි අවුලයි ගියා නාට්‍යයක්
බලන්න ...
නාට්‍ය පටන් ගන්න කලිනුයි ,නාට්‍ය බලන
ගමනුයි , නාට්‍ය ඉවර වෙලා එනගමනුයි
අවුලයි මමයි නොනවත්වා කතාව...
අහම්බෙන් ගර්ල් ගෙ මූණ දැක්කමයි ද
දෙයියො මතක් උනේ....
ඒක පිපිරෙන්න ඔන්න මෙන්න ..
මේකා එක්ක කතාවට ගිය මට
ගර්ල් එක්ක කතා කරන්න වත්
මතක නැති වෙලා කියාංකො ..
එහෙමට පොර කතාවට...

ඉතිං දවසක් මමයි අවුලයි කටුබැද්දෙ බාර් එකක සෙට් උනා......
උගෙ ගල් බාගෙයි මගෙ බියර් බෝතලෙයි
අඩිය පේන සයිස් දැන් ....
පුරුදු පරිදි අවුලගෙ ගෑණු කේස් ගැන
කතාව ඇදලා ගත්තා ...

බීපු මරගාතෙ මමත් අවුලගෙන්
සපෝට් එකක් ඉල්ලුවා....

"ජයා...
උඹ හැමදාම මොකක් හරි එකක්
සෙට් කරගන්නවා ...
අඩෝ.. මටත් එකක් සෙට් කරලා
දියං කො...."

ඇයි යකෝ ඉන්න එක

" ඒක තියෙනවා තමයි බං...
ටෙම්පරියක් සෙට් කරලා
දියන්කො ටික දවසක් අදින්න"

ඔන්න ඉතිං බීපු මරගාතෙ උනත්
අවුලා පොර ටෝක් දෙන්න පටන්
ගත්තා ..

" සමා...
එහෙම සෙට් කරන්න අමාරුයි සමා.
මම සෙට් කර ගන්න එකක් මං
කොහොමද උඹට සෙට් කරන්නේ ..
ඒම අමාරුයි බං...
උඹ දවසක් මාත් එක්ක වරෙන්කෝ ..
මම කියලා දෙන්නං එකක් ටෝක්
කරන හැටි..."

" අනේ මේ පලයං ජයා...
උඹත් එක්ක පාස්පෝට් කන්තෝරු
ගානෙයි...
බස් වලයි රස්තියාදු ගගහා
බඩු බලන්න එන්න බෑ...
අඩෝ උඹ යාළුවෙක් නං මට
එකක් සෙට් කරලා දියං.."

මගේ බැරි කම වහගන්න ඌට
පොර ටෝක් එකක් දීලා
අපි බොන එක ඉවර කරලා
එලියට ආවා.....

හවස වැඩට යන්නත් තියෙන නිසා
කට්ට අව්වෙ පිච්චි පිච්චී මම ගෙදර
ආවා....
අවුලා බස් එකට නැගලා ගියා .

*********************************************

ගෙදර ඇවිල්ලා මම පැයක් දෙකක්
නිදා ගත්තා ...

නින්දෙන් මට ඇහෙනවා කව්ද ගේට්ටුවට
ගහනවා...

මතක ඇති මම කලින් ලිව්වා ...
අපේ ගෙදර වගේම අහල පහල ගෙවල්
පහ හයකටම එක ගේට්ටුවයි
ඇතුල් වෙන්න තියෙන්නේ කියලා ....

මට නින්දෙන් ඇහෙනවා අවුලගෙ ලවුස්පීකර්
කටහඬ ගේට්ටුව ගාවින් ...

සමා ....සමා....

අඩෝ කෑලි දෙකක් සෙට් උනා...
උඹට එකයි මට එකයි....

උඹට එකයි මට එකයි...

හතරාමාරට බෙලෙක් කඩේ
හන්දියට එනවා කිව්වා...

සමා,...සමා..
අඩෝ ...සමා...

මම නැගිට්ටා නෙමෙයි ...
මිදුලට විසි උනා....

මේකා එදා වගේම අදත් අර ලවුස්පීකර්
කටින් ගේට්ටුව ගාව ඉඳගෙන
ෆුල් ස්ටෝරියම වත්තෙ ගෙවල් පහ
හයටම ඇහෙන්න සැලැස්සුවා...

මට කට උත්තර නෑ ....

අතින් පයින් ඇඟිලි වලින් පෙන්නන්න
පුළුවන් ඔක්කොම කුණුහරුප ටික
පෙන්නලා ඌට ඇඟෙව්වා

නහුකා කට වහගෙන ගෙට වරෙන් ..
අහල පහල ගෙවල් වලට ඇහෙනවා
කියලා .....

මේ ගල් මූසලයා ඒ පාර ගේට්ටුව ඇරගෙන
එන ගමන් කියපි....

නෑ ...නෑ . සමා.....
කාටවත් අැහුනෙ නෑ කියලා .

මට මූව අමුවෙන් කන්න කේන්තියි.

වහාම බෙල්ලෙන් ඇදලා ගෙට දාලා
පුටුවෙ වාඩි කෙරෙව්වා ....

මට ඌරූ ජුවල් නැග්ගට මූට
බනින්නත් හිතෙන්නේ නෑ දැං...

ඇයි ඉතිං ..
මම කිව්වා වගේම මේකා මට
කෑල්ලක් සෙට් කරලලුනෙ....

උට්ටො ...
තොගෙ ලවුස්පීකර් කටින් පාරෙ ඉඳන්
කෑගැහුවම මුළු ගමම දැන ගන්නවා
කියලා අමුතුවෙන් කියන්න ඕනද
ප⁣ෝ.....

අවුලක් නෑ සමා..
ලෑස්ති වෙයං ඉක්මනට හතරාමාරට
කෑලි දෙක එනවා බෙලෙක්කඩේ
හංදියට....
වරෙන් ශර්ට් එකක් දාගෙන....

කෑලි දෙකක්....

ඔව් ...
උඹට එකයි මට එකයි..

මොනවගේ ඒවද...
ගහන්න පුළුවන් ද...

ඒක දන්නේ නෑ සමා...
මම එකක් ටෝක් කලා...
මම ඇහුවා මගෙ යාළුවෙක් ට
කෑල්ලක් සෙට් කරලා දෙන්න කියලා ..
ඒකි යාළුවෙක් එක්ක හතරාමාරට
එන්නං කිව්වා බෙලෙක්කඩේ හංදියට.
ලෑස්ති වෙයං ඉතිං ....

කෙල්ලෙක් නං බෑ බං...
දැන්ටත් එකක් ඉන්නවනෙ..
බැඳපු එකක් නං එල...

ඒක යකෝ උඹ ඒකි හම්බෙලාම
අහපං...
යකෝ දැන් ලෑස්ති වෙයං....
නැත්තං උන් යයි....

මේ යකා මගෙ කාඩ් එක වත්ත මැද්දෙම
කුඩු කලාට මරන්නැයි ඉතින්...
මේම චාන්ස් එකක් ගෙදරටම අරන්
ආවම...

දඩි බිඩි ගාලා ලෑස්ති වෙච්ච මම අවුලා එක්ක
බෙලෙක්කඩේ හන්දියට ගියා
හතරාමාරට කලින් ...

******************************************

කෝ....

හිටපං පොඩ්ඩක් ...

කෝ....
හිටපං පොඩ්ඩක් ...

පිස්සො කලබල උනාට ඩොක්ටර්
කලබල නෑ වගේ....

ටික වෙලාවක් යනකො⁣ට පාර දිහා
බලං හිටිය අවුලා කතා කලා.

" සමා...
අර එන්නේ මචං බඩු දෙක...
අර ටිකක් මහත එකට තමා මම
ටෝක් කලේ..
ඒකත් එක්ක එන පොඩි කෑල්ල වෙන්න ඕනෙ
උඹට සෙට් කරනවා කිව්ව එක"

ගාමන්ට් එකක වැඩ කරන පෙනුමෙක්
තියෙන ගෑණු ලමයෙක් තව ඊට පොඩි
නංගියෙක් එක්ක එනවා පේනවා.

මේවා මචං ගහන්න පුළුවන් ඒවා නෙමෙයි ...
කෙල්ලො දෙන්නෙක් ද කොහෙද ...
ලව් කරන්න හොඳයි ....
පොඩි එක නං ලස්සනයි බං.
මම කිව්වා ...

හරි හරි ...
එව්වා උඹ කතා කරන කොට
දැනගනිං....
දැන් ඇඹරෙන්නෙ නැතුව ටෝක දාපං හොඳේ ....

කොහොම හරි ගෑණු ලමයි දෙන්නා
හෝල්ට් එකට ආවා...
ලොකු ගර්ල් නං කිසි ගානක් නැතුව
අවුලා එක්ක ඉඟිබිඟි කරද්දි
පොඩි ගර්ල් නං තාම මූණ රතු කරගෙන
බිම බලාගෙන ....

මම...
මමත් දැන් ගැහෙනවා ඉතිං ...
එතකොට ත් ගෑණු ලමයෙක් යාළුවෙලා
හිටියට ඉස්ඉස්සෙල්ලාම ස්පෙයා වීල්
එකක් සෙට් කරගන්න හදන දවස...

අවුලා තමයි දවසකටවත් මිනිහා...
යකෝ මේකා මටත් එකක් සෙට්
කලානෙ....
මම හිතිං හිතනවා...

කෝමහරි මුලින්ම ආපු බස් එකට හතර දෙනාම නැග්ගා ...
අවුලගෙ වෙලාවට ඒ ජෝඩුවට තනි
සීට් එකක් ලැබුනා...
වාඩි වෙච්ච වෙලේ ඉඳන් උන් දෙන්නා
කතාව....

මම අර පුංචි ගෑණු ලමයා ගාවම
හිටගෙන...
මොනවා කතා කරන්න ද කියලා මටම
තේරෙන්නේ නෑ ...
ඒ ගෑණු ලමයත් මූණ රතු කරගෙන
හිනාව තද කරගෙන බිම බලාගත්තු
ගමන්මයි.

පෙනුමෙන් , හැසිරීමෙන් නං අපි
හිතපු ජාතියෙ එකක් නෙමෙයි .
පුංචි කෙල්ලෙක් කියලා දැනෙනවා ..

දැන් ඉතිං ....
අවුලා සෙට් කල එකේ...
⁣කෑල්ලත් හෝල්ට් එකට ආපු එකේ..
බස් එකට නැග්ග එකේ...
ලඟ හිටගෙනත් ඉන්න එකේ...
මොනවාහරි කතා කරන්නත් එපැයි...

ඕන උට්ටක් කියලා මම ඒ ගර්ල් ගෙ
අත අහුවෙන්නත් එක්කම පොල්ල
අල්ල ගත්තා
( බස්වල අල්ලං යන්න ගහලා
තියෙන පොලු හොඳෙයි)

පුදුම සීතලක්...
ටික වෙලාවක් සද්ද නොකර හිටපු
එයා හිමීට අත පහතට ගත්තා .

තිබුණු පුරුස ධෛර්යය එකතු කරලා
ගත්තු මම පුළුවන් තරං ලයාන්විත
විදියට මෙහෙම ඇහුවා ....

" ඇයි ...
බයද...."

තාමත් මූණ රතු කරගෙන බිම බලාගෙන
හිනා වෙන ඒ ගර්ල් ඔලුව උස්සලා
එකම එක වාක්‍යයක් කියලා ...
අායි බිම බලා ගත්තා .

" අයියෙ...
මම ඔයාව දන්නවා ..."

මට පොඩි ගටක් ආවා..
මාව දන්නවා කියන්නේ ඉතිං ලකුණු
තමා...
ඔය දහම් පාසල් තරඟ වලදි ,
නාට්‍ය තරඟ වලදී, ස්පෝට් මීට්වල
ඉන්විටේෂන් රිලේ වලදී...
ඔය මොනවා හරි එකකදි මාව
දන්නවා ඇති..

මම එහෙමයි හිතුවෙ ...

"කොහොමද ඔයා මාව දන්නේ ...."

තව ලකුණු වැඩි කරගන්න හිතාගෙන
මම එහෙම අැහුවා ...

ලකුණු කෙසේ වෙතත් තරු විසිවෙන
සයිස් එකේ උත්තරයක් ලැබුනෙ ..

" අයියෙ...
ඔයා නෙළුම් ගෙ අයියා නේද..."

මල හත් ඉලව්වයි...
එක පාරක් ගෙදර රෙස්ට් හවුස් දාලා
නංගිට නෝන්ඩි උනා මදිවට
දැන් නංගිගෙ යාළුවෙක් ට ටෝක්
කරලා තියෙන්නේ ...
මදෑ අවුලා ඉස්ඉස්සෙල්ලාම සෙට්,
කල කෑල්ල......

දැන් මේ කෙල්ල මේක අපෙ නංගිට
කියලා ...
නංගි අම්මටයි, මං යාළුවෙලා ඉන්න
ගර්ල් ටයි කියලා ...
එදා කේස් එකට වඩා බරපතල වැඩ
සහිතව හිරේ ඉන්න හැටි මට
තත්පර දෙකතුනකදී මැවිලා
පෙනුනා....

" සොරි නංගි..."

එහෙම කියපු මම බෙල් ගහලා බස් එකේ
ඉස්සරහට ගියා...

"ජයා බැහැපං..."
අවුලටත් කතා කරගෙනම මම
බස් එකෙන් බැස්සා ...

මාව බස්සලා ඉස්සරහට ගිය බස් එක
ආයෙ නැවැත්තුවා .
කොන්දාගෙන් බැණුං අහගෙන
අවුලත් බැස්සා...

" සමා මොකද අවුල...
කෙල්ල බැහැ කිව්වද..."

කෙල්ල බැහැ කිව්වා නෙවෙයි යකෝ...
ඒකි අපෙ නංගිගෙ යාළුවෙක් ලු...
එදා පෝරියල් එකට වඩා ලොකු
පෝරියල් එකක් ලැබෙයි මේක නංගි
අම්මගෙ කණේ තිබ්බොත්....

අපරාදෙ සමා...
අඩෝ අර කෙල්ල මේ ඉරිදා ෆිල්ම් එක
බලන්න එන්නං කියලත් කිව්වා බං
දෙන්නා එක්ක...

ඌ ඒ වෙනකොට ගිහින් තියෙන දුර කොහොමද ....

**********************************************

අවුලගෙ කතා ඉවරයි ...
බැලූ සැමට ස්තූතියි .

වැඩිහිටි නිවාස




මීට අවුරුදු හතරකට කලින් දවසක මම වැඩට ගිහින් .⁣ ගෙදර දුවයි නෝනයි
විතරයි .

මැදිවියේ ...
කෙට්ටු ගෑණු කෙනෙක් ගෙදරට ඇවිල්ලා .........
ආධාර පත්තරයකුත් අරගෙන

" අනේ නෝනා අපේ වැඩිහිටි නිවාසෙට ආධාරයක් කරන්න."

නෝනා එයාව ගේ ඇතුලට අරගෙන බොන්න
දේකුත් දීලා...

" මේක වැඩිහිටි නිවාසයක් කිව්වට
නෝනා ගොඩක්ම ඉන්නේ මානසික රෝහලෙන් සනීප වෙලා එලියට ආපු අය..............

එයාලව ගෙවල් වලින් බාර ගන්නෙ
නෑ නෝනා..
සමහර පවුල් වල උදවියට
ලැජ්ජයිලුනෙ ....
තරුණ අය වගේම ගොඩක් වයසක
අයත් ඉන්නවා නෝනා....."

"අනිත්

වැඩිහිටි නිවාස වගේ නෙවෙයි
නෝනා ,
මේවට වැඩිය ආධාර ලැබෙන්නේ නෑ ...
මෙයාලට බෙහෙත් දිගටම දෙන්න ඕනෙ නෝනා...
සමහර දවස් වලට කෑම බීමත් හිඟයි.
ඒ නිසා තමයි මෙච්චර දුර හරි එන්නේ "

අපේ ගෙවල් තිබුණේ මොරටුවෙ ...
මේ වැඩිහිටි නිවාසෙ කළුතර - හොරණ
පාරෙ. ඒ අතින් බලන කොට මැදිවියේ ගෑණු කෙනෙක් මේ තරං දුරක් එනවා කියන්නෙත් ඉතිං පණ යන වැඩක්.

" උදේ කෑම වේලට රුපියල් මෙච්චරයි ,
දවල් වේලට මෙච්චරයි .....
රෑ වේලට මෙච්චරයි ....
තේ වලට මෙච්චරයි ....
පුළුවන් නං උදේ කෑම වේලකට
වත් ආධාරයක් දෙන්න නෝනා.....
පිං සිද්ධ වෙන වැඩක් නෝනා...
ඒකයි මමත් මෙහෙම ගාට ගාට
හරි එන්නේ......"

ආධාර පත්තරේ නෝනගෙ අතට දීලා
තමයි ගෑණු කෙනා හති ඇරියෙ..

මේ වගේ දේකදි මහත්තයා ගෙදර නෑ ...................
පස්සෙ වෙලාවක එන්න කියලා හරවන කෙනෙක් නෙමෙයි අපෙ හාමිනේ...

උදේ කෑම වේලකටද කොහෙද සල්ලිත් දීලා........
මග වියදමටත් තව කීයක්දත් දීලා
පිටත් කරලා....

හැබැයි එක හොඳ වැඩක් කරලා
( එක හොඳ වැඩේ හරි අගය කරන්න එපැයි)

මේ .....
අක්කෙ වැඩිපුර තියෙනවා නං මට ඔය
ආධාර කොලයක් දීලා යන්න .
මම මහත්තයටත් කියලා තව උදව්වක් කරන්නං.
පුළුවන් නං අක්කා ලබන සුමානෙ විතර ඇවිල්ලා යන්නකො.

ඒ ලැබුණු ආධාර පත්තරේ රෑ ගෙදර
ආපු මගෙ අතට අම්මයි දුවයි බාරදුන්නේ
අරටත් වඩා අනුවේදනීය විදියට
විස්තර කරන ගමන්
( ඒවට නං දෙන්නා හරී........ම දස්සයි)
ඒ විස්තරේ හැටියට මම නිකමට
වත් නෑ බෑ කිව්ව නං
එවෙලෙම මං සතර අපායෙ.

මම අදහස වැඩි දියුණු කලා..

වයිෆ් ගෙ තාත්තා නැතිවෙලා අවුරුද්දකට
කිට්ටුයි එතකොට ....
දුවගෙ උපන් දිනේට සති දෙකයි....
දුවට අපල තියෙනවා කියලා දානමය
පිංකමකට තැනත් හොය හොය
හිටියේ .....

එහෙනං බබාගෙ උපන්දිනේ දවසට එතනට අපි දානයක් දෙමු....
මගෙ අදහස ඒක මතිකව සම්මතයි.

හැබැයි අපි ගිහින් තැන බලමු...
මම කිව්වා .

හා ..... යං..

එහෙනං මේ ඉරිදා ගිහින් බලමු.

(ඒ ගමන තමයි ටර්නින් පොයින්ට් එක..)

ඊලඟ ඉරිදා හවස ආධාර පත්තරේ තිබුන ඇඩ්‍රස් එකට අපි තුන්දෙනා මෝටර් බයිසිකලේ කළුතර ගල්පාත ගියා ..

තැන තැන නවත්ත නවත්ත මඟ විස්තර අහගෙන අන්තිමේදි
බොහොම අබලන් ,
මලකඩ කාපු නාම පුවරුවක් ලඟ
නැවතුනා .

මව්පිය සෙවණ
වැඩිහිටි නිවාසය.

එතනිනුත් ඇතුලට ගියාම,
ගරා වැටුණු ගෙයක
අපි හොයපු වැඩිහිටි නිවාසය තිබුණා .

එතන වැඩ කටයුතු සේරම බලන්නෙ
අවිවාහක කාන්තාවක්.
නම අමරා.

" මේ වැඩිහිටි නිවාසෙ ඔක්කොම
තිහක් විතර ඉන්නවා නෝනා"

" මේ අයව බලා ගන්නෙ මම.
අංගොඩ මානසික රෝහලෙන් ප්‍රතිකාර
අරන් පිටවුණු අය තමයි ඉන්නේ .
මෙයාලව ගෙවල් වලින් බාර ගන්න
අකමැතියි නෝනා...
එයාලට ලැජ්ජ ඇති"

අර පාලිකාව අපට විස්තර කලා

" පිස්සු හොඳ උනාට මෙයාලට ඉඳහිට
පිස්සු තද වෙනවා ⁣
ඒ වෙලාවට මම දොස්තර ට කියලා බෙහෙත් ⁣ලියවගෙන ෆාමසියෙන් අරන් එනවා
නෝනා......
බේත් හේත් ගන්න සල්ලි හිඟ උනාම තමයි ඉතිං කරදරේ....
ගෑණු මම කොහොමද මෙයාලව ආංබාං
කරන්නේ ...
ඒ වෙලාවට හරි ප්‍රශ්න නෝනා..."

හිතේ තියෙන දේවල් වක්කඩ කැඩුවා වගේ ගලාගෙන එනවා ...
අපි අහං ඉන්නවා .

සමහර අය එක් තැන් වෙලා...
සමහරු උපතින්ම අංගවිකලයි...
මෙතනම ඉන්න අය තමයි එයාලව
සුද්ධ පවිත්‍ර කරන්නේ ....
මට තනියම හැමදේම කරන්න
අමාරුයි නෝනා....

මෙයාලා මැරුනම අපි පවුලෙ අයට
දැනුම් දෙනවා.
සමහරු ඇවිත් මිනිය බාර ගන්නවා.
සමහරු ඒ බාර ගන්නෙත් නෑ ..
එතකොට අපි අපේ වියදමෙන්
මූලික කටයුතු විතරක් කරලා
ඉවර කරනවා නෝනා....
ඔය .... ඔය ඇඳේ ලෙඩා ගිය සුමානෙ
මලේ.....

නෝනයි දුවයි වාඩි වෙලා හිටි ඇඳ
පෙන්නලා පාලිකාව කිව්වා .

මට හදිසියට ෆාමසියට ,
දොස්තර ගාවට ,
මෝචරියට යන්න උනොත් මෙතන
ඉන්න පිස්සු නැති දෙතුන් දෙනාට
මෙතන බලාගන්න කියලා
තමයි යන්නේ ...
ඒ ගියත් හැරුණු ගමන් දුවලා
එනවා නෝනා....
කියන්න බෑනේ මොනා කරගෙනද
කියලා......"

" මේ ගේයි ඉඩමයි අයිති මහත්තයා
අපිට පිනට මෙතන ඉන්න දීලා තියෙන්නේ
නෝනා..
මේකත් නැත්තං මෙයාලා අරං
මං ⁣කොහෙට යන්නද...."

විස්තරේ අවසානයේ මම කතා කරන්න
ගත්තා .

අපි ආවෙත් අහම්බෙන් විස්තර දැනගෙන ..
ලබන සුමානෙ මගෙ දූගෙ උපන් දිනේ....
ඒ වෙනුවෙන් කෑම වේලක් බාර ගන්නයි අපිට ඕනෙ.....

මේ බබාගෙ උපන් දිනේද
මෙයාලා ආසයි නෝනා
සින්දුවක් කියලා නටන්න ..
දොස්තර කියන්නෙත් ඒක බෙහෙත් වල
සැර පිට කරන්න හොඳයි කියලා ...
එදාට සින්දුවකුත් කියමු නෝනා...

හරි අපි එදාට සින්දුවකුත් කියමු..
අනික අපිට මේ තැන කියපු ඔයාලගෙ
ගෙවල් වලට එන කෙනාටත් ස්තූති කලා කියන්න .....
මම කිව්වා .

මොන....??????????

අර අපේ ගෙදරට ආවෙ.
අර ආධාර එකතුකරන්න
එවලා තිබුණේ .....

කවුරු .....????????????

ඇයි මේ නිවාසෙට ආධාර එකතු කරනවා
කියලා ගෙවල් වලින් සල්ලි එකතු කරන කෙනෙක් ආවනෙ.....

තත්පර කීපයක් අපි කව්රුත් නිහඬ
උනා....
කව්රු හරි කතා කරන කං

අනේ මහත්තයා ....
මෙතන එලියට යන්න වත් ඉන්නේ
මං විතරයි මහත්තයා ..
මේ පිස්සුව බාගෙට හොඳ වෙලා
මෙතන වැටිලා ඉන්න අසරණ
මිනිස්සු ගැන කියලා ආධාර එකතු
කරන් කන මිනිස්සුත් ඉන්නවද
මහත්තයා ..........

මට ඇත්තටම ඒකට දෙන්න උත්තරයක් තිබුණේ නෑ ......

??????????????????????????????????????

පසුවදන

* ඊලඟ සුමානෙ මමයි දුවයි නෝනයි
නෝනගෙ අම්මයි එයාලා එක්ක දවසම
විනෝදෙන් ගතකලා....
ඒ පාලිකාව අමරා මිස් දැන් අපේ
පවුලෙ මිතුරියක්..

* මගෙ මල්ලි කෙනෙකුගෙ උපන්දිනයකුත් එයාලා එක්ක සැමරුවා ඒ මාසෙම...
එදත් හරි සතුටු දවසක් එයාලට
වගේම අපිටත්.....

* අර ආධාරකාරිය කිව්ව විදියටම
ඊලඟ සුමානෙම ඇවිත් තිබුණා
ආධාරය බලාපොරොත්තුවෙන්..
වයිෆ්ටත් කලින් එයාට අමතලා
තිබුණේ දුව.....
පොලීසියට කෝල් කරලා දැනුම්
දෙන්න කියලා මම කිව්වත්
එයාලා එච්චර දෙයක් කරලා නෑ ...

* සුමනා , දයාශීලී, නයනා, මානසික
තත්වය තරමක් යහපත් අය ...
එයාලා තමයි පාලිකාව නැති වෙලාවට
එතන බලාගන්නෙ...

* ඒ ඉඩම අයිති මහත්තයා මලාට
පස්සේ එයාලට එතැනින් අයින් වෙන්න
සිද්ධ උනා...
දැන් ඒ කිට්ටුව වෙන තැනක ඒ නිවාසය
පවත්වා ගෙන යනවා.

* කීප වාරයක් ගියනිසා එයාලට
දැන් අපිව පුරුදුයි....
⁣වයිෆ් ලඟදි ගිය වෙලාවක අහනවලු
⁣නෝනා කෝ අර මහත්තයා තාම
ආවෙ නැද්ද කියලා .

* මගෙ ක්‍රිස්තියානි යෙහෙළියකට
ෆාදර් කෙනෙක් වෙනුවෙන් දානයක් දෙන්න
විස්තර අහද්දි මම මෙතන සම්බන්ධ කලා....
ඇය ඉතාම ලස්සන , අමතක නොවෙන
සංගීතමය හැන්දෑවක් , රසවත් ආහාර වේලක්
වගේම ද්‍රව්‍ය මය උපකාරත් කරලා
එයාලට අමතක නොවෙන දවසක්
මතකයෙ රඳවලා එයාලට....

* ඒ ක්‍රිස්තියානි යෙහෙලියගෙ කටයුත්තට
මම ලඟදි ඒ පාලිකාවට ...අමරා මිස්ට
කතා කලා.....

හලෝ......

" නෝනා නෑ .
එලියට ගිහින් .
තව ටිකකින් ගන්න .
( ⁣කව්ද කියලා අහන්නෙ වත් නැතුව
වෙඩි වගේ උත්තර ටිකක්)

කෝ සුමනා ඉන්නවද එහෙනං ...
මම ඇහුවා..

සුමනා තමයි කතා කරන්නේ .

සුමනා ...
එහෙනං නෝනා ආවම කියන්න
දේවිකා නෝනගෙ මහත්තයා
කෝල් කලා කියලා ...

දේවිකා නෝනගෙ මහත්තයද...
කොකාකෝලා එකේ මහත්තයද...
මහත්තයා කවද්ද එන්නේ ....

මාව වෙව්ලලා ගියා.

#######
පසුව ලියන ලදි..

පාලිකාව ගේ
දුරකතන අංකය සටහන්
කරමි.
අමරා මෙනෙවිය.
0094 76 8615220.

ගණිකා නිවාසයක් කියන්නේ මොකක්ද

සිද්ධිය උනේ හය වසරෙදි විතර ....

පොඩි කාලෙ ඉඳලම මම කියවන්න හරි ආසයි...
සිළුමිණ ,රිවිරැස , දිවයින ,ලංකාදීප , සිත්තර ,සත්සිරි විතරක් නෙමෙයි සීනි ඔතලා දෙන පත්තර කෑල්ල පවා කියවලා තමයි අතඅරින්නෙ ....

ඒ කාලෙ ෂොපිං බෑග් හරි අඩුයි. නැතිම තරං... කිලෝ දෙක තුනක සීනි පිටි පවා පත්තර ගොටුවක් ගහලා, හණ නූලෙන් ගැට ගහලා තමයි දෙන්නෙ....
ග්‍රෑම් 250 , 500 නං අනිවා පත්තර කෑල්ලකින් ගොටුවක් ගහලා උඩින් ලස්සනට උණ්ඩි කරලා තමා දෙන්නෙ ...
කඩේ ගිහින් ආපු ගමන් මං කරන්නේ පත්තර කෑල්ල අම්මගෙන් ඉල්ලං බලන එක....

ඒ විතරක් නෙමෙයි ....
ඒ කාලෙ බත් කනකො⁣ට පවා මට පොතක් කියවන්න ඕනේ ....
පොතක් පත්තරයක් නැත්තං සිංහල හරි බුද්ධාගම අච්චු පොත හරි කියනව ගමන් තමයි බත් කන්නෙ ....
මොනවට නීති දැම්මත් අම්මා ඒකට නං නීති දැම්මෙ නෑ ....

මේ කියවීමේ පුරුද්ද ආවෙ ආදරණීය අම්මගෙන්...
පුස්තකාලෙන් ගේන පොත් ඔක්කොම එයයි මායි කියවලා ඉවර කරනවා...
දවසක් රෑ දෙගොඩහරි ජාමෙ වෙනකං මම බ්‍රෑම් ස්ටෝකර් ගෙ ඩ්‍රැකියුලා කියවද්දි අම්මා එහා පැත්තේ ඉඳන් නවකතාවක් කියවනවා මතකයි .....

මේ කියන්න හදන්නේ කියවීමේ ශිල්ප දක්වන්න ගිහින් වෙච්චි දෙයක්....

අනේ....
අපේ පුතා නං කියවන්න හරි කැමතියි...
පොතක් පත්තරයක් තියෙනවා නං එයාට වෙන මුකුත් ඕනෙ නෑ .....

මේ අපේ ගෙදරට ආපු නෑදෑ පිරිසක් ඉස්සරහ අපේ අම්මා මං ගැන කියන වර්ණනාවක් ...........

ආපු කොල්ලො කුරුට්ටෝ එක්ක සෙල්ලං කරන එක පැත්තකින් තියලා මං ආයෙ හැරුනා ඉස්තෝප්පුව දිහාට...

වෙනදට පොඩ්ඩ ඇත්තං වේවැල් කසාය දීලා... වේවැල හයිය නැත්තං කොසු පාරකුත් දීලා...
හිටපංකො තාත්තා එනකං කියලා තාත්තටත් පංගුවක් ඉතිරි කරන
අම්මගෙ කටින්මද මේ පිටවෙන්නෙ කියලා බලන්නත් එක්ක නෑදෑයො මැද්දෙන්ම හීංසැරේ ගියා ගෙයි අැතුලට....

හෙට අනිද්දා ජාත්‍යන්තරේ ජය ගන්න යන්න ඉන්න කෙනෙක් දිහා බලාගෙන ඉන්නෑහෙ හැමෝම මගෙ දිහා බලාගෙන....

කිසි...ත් නොදන්න ගාණට අම්මා වටේට කැරකිලා පොත්රාක්කෙ ගාවට ගියේ අම්මගෙ කතාවට විස්වාසෙකුත් එකතු කරන්න ඕනේ නිසා .....
නැත්තං අම්මට හරි නෑනෙ ....

දැන් හරියට රේඩියෝ එකෙන් ප්‍රේමසරගෙ හරි පාලිතගෙ හරි විස්තර විචාරෙ අහන ගමන් ටීවී එකේ ක්‍රිකට් තරඟෙ බලනවා වගේ නෑදෑයො ඔක්කොමගෙම කන් දෙක
අම්මා ගාව........
ඇස් දෙක මං ගාව...

ලොකු ද පොඩි ද බලන්නෑ ඕන පොතක් දැක්කොත් අරන් කියවනවා...
දන්නැති දේවල් මගෙන් අහනවා...
නැත්තං මතක තියං ඉඳලා ටීචගෙන් අහගන්නවලු.....

අම්මා කියන්නේ ඇත්ත...
ඒත් මෙහෙම කට්ටියක් ඉස්සරහ වර්ණනා කරන කොට පොඩි එකෙක්ට එන ගට කොහොමද .....

අර ඇවිල්ලා ඉන්න කොල්ලො කුරුට්ටෝ එක්ක සෙල්ලමට නොයා පොතක් පතක් කියවන හොඳ ළමයෙක් කියලා පෙන්නන්නත් එක්ක..... අම්මගෙ කතාව තහවුරු වෙන්නත් එක්ක මම නොදන්න දෙයක් අම්මගෙන් අහලා දැන ගන්න තීරණය කලා.

මේ දැන්......

අම්මේ......
පොල් ගස තාල වර්ගයට අයත් ගසක් නේද.........
නිවිති වල යකඩ තියෙනවලු නේද......................
වගේ අච්චු පොතේ ප්‍රශ්න නොහා සම වයසේ දරුවන්ට පාසැලෙන් නොලැබෙන දැනුමක් තියෙනවා කියලා පෙන්නන්න ඒ පුංචි කොළුවා .. ඒ කියන්නේ මම තීරණය කලා.....

මොකක්ද ඉතිං අහන ප්‍රශ්නේ ....

ගිය සුමානෙ සිළුමිණ ,දිවයින , රිවිරැස සිත්තර ,සත්සිරි පත්තර කියවලා තිබුන මට මීට කලින් දැන ගන්න නොලැබුණු පොලිස් වැටලීමක් මතක් උනා....

ඔව් ඔව්.....
ඒ නෑදෑ සනුහරේ ඉදිරියෙ තමයි අම්මගෙන් ඇහුවෙ .......
.
.
.
.
.
.
අම්මේ.........
ගණිකා නිවාසයක් කියන්නේ මොකක්ද ........?

ජයාගෙ තව ජරමරයක්

පලවෙනි කොටස

කලින් කතාවෙ කතා නායකයා ⁣වන
අවුලා නොහොත් ජයන්ත නොහොත්
මගේ බොක්කෙ ෆිට් එක වන ජයා ව
ඔයාලට මතක ඇතිනේ ......

මේ ජයාගෙ තව ජරමරයක්....

මගෙ ෆිට් එක ජයා නොහොත් අවුලා
නාට්‍ය හා රංග කලා ඩිප්ලෝමා එක
කරන්න ආවෙ නාට්‍ය රචනය ගැන
අවුලාට තිබුන හැකියාව නිසා.......
හැබැයි දැන් මට ඒකා ගැන රචනා
කරන්න වෙච්චි එක තමා උනේ...

ඩිප්ලෝමා එක ඉවර උනත් අවුලගෙයි
මගෙයි යාළුකම ඉවර උනේ නැ......

අපි දෙන්නම ඒකාලෙ වැඩ කලේ නයිට්
ශිප්ට් එකක්...
ඉතිං උදේ ඉඳන් හවස හය විතර වෙනකං
අපිට ඕන පිස්සුවක් කරන්න වෙලාව
තිබුණා ....

කලින් පෝස්ට් එකේ මම ජයා එක්ක
බාර් එකකට ගිහින් වෙච්චි දෙයක්
කිව්වා මතක ඇතිනේ.....
ඇත්තටම මට බාර් එකකට යන්න හා හාපුරා
අවස්ථාව ලැබුනෙ අවුලා නිසා තමා....
මෑන් බීමට නං කියාපු බඩුව....

නමුත් මම කියන්න හදන්නේ මෑන් ගෙ
තවත් හැකියාවක් ගැන

කෑල්ලක් ටෝක් කරලා දා ගන්න
පුදුමාකාර හැකියාවක් තියෙන කෙනෙක්
තමා පොර....
කෑලි කිව්වට ඉතිං කෑලිම නෙමෙයි ෆ්‍රෙන්ඩ්ස් ..
ඇන්ටිලා...අක්කලා... බැඳපු කේස්
හොඳේ .....

එහෙම කිව්වට ස්ත්‍රී පක්ෂය කේන්ති
ගන්ඩ එපා හොඳේ ...
මම කිව්වේ අවුලගෙ හැකියාව ගැන..

බස් එකේ නැඟලා බහින පරක්කුවට
මෑන් එකක් ටකල් කරන අවස්ථා
නං එමටයි...
කුඩ පාරවල් කාපු අවස්ථාත් නැතුවම
නෙවෙයි ඉතිං ...
හැබැයි දුර්ලබයි.

කස්ටියට මතක ඇති බම්බලපිටියෙ
ස්ටේෂන් එක ගාව පාස්පෝට්
කන්තෝරුව තිබුන කාලෙ...

ඔතන දැල දාලා ඇති මිනිහා
ඉහේ කෙස් ගානට....

" කොහොමද බං උඹ ඕවා සෙට්
කරගන්නෙ "
ඉරිසියාවෙන් පැලෙන සයිස්
එකෙන් මම වෙලාවකට අහනවා..

" මොනාද සමා ඔව්වා ..
ඔතන වටයක් කැරකුනු ගමන් තනියම ආපු
එකක් මීටර් කර ගන්නවා...
පාස්පෝට් එක හදන වැඩේට එහෙට
මෙහෙට දුවලා පැනලා වැඩේ කරලා
දෙනවා...
පාස්පෝට් එක ගන්න හවස් වෙනකං
ඉන්න ඕන නිසා පැයක් දෙකක්
කොහෙට හරි අදිනවා..."

ඕකා එක හුස්මට කියලා දැම්මට
ඒක එක්ස්පීරියන්ස් එකත් එක්කම
එන්න ඕන එකක් මිසක් අපි ඕක
කරන්න ගියා නං හතර හන්දි
කඩාගෙන තමා නතර වෙන්නේ ..

දැන් තමයි කතාව

දවසක් මෑන් ට කෙල්ලෙක් සෙට් උනා..

ඇත්තටම අවුලා හිතලා නෑ මේක
කෙල්ලෙක් කියලා ...
පොඩි බබෙක්ව අතින් අල්ලන් කඩේට
යනවා දැකපු අවුලා හිතලා තියෙන්නේ
බැඳපු එකක් කියලා ...
සෙට් වෙලා මීට් උනාම තමයි දන්නේ
ඒ අක්කගෙ ලමයා කියලා ...

දැන් ඉතිං මෑන් මේක අදිනවා...

ඉස්සර අද වගේ හෑන්ඩ් ෆෝන් හැමෝටම
නෑ.....
කොමිනිකේෂන් වල පිහිට තමා...
මුණ ගැහෙන්න සතියකට කලින්
වත් කතා කරලා දින දාගන්නවා..

එක දවසක් අවුලට කෑල්ල එක්ක
රූම් එකකට යන්න සල්ලි නෑ ....

මිනිහා මගෙන් උදව්වක් ඉල්ලුවා...
සල්ලි නෙවෙයි ...
රූම් එකක්...

මම කලින් කිව්වේ මමයි අවුලා නොහොත්
ජයා යි රෑ වැඩ කරන්නේ කියලා ...
ඉතිං දවල් වරුවම ගෙදර තමා..

දවල්ට අපේ ගෙදර මම විතරයි ..
අම්මා වැඩ...
නංගි වැඩ...
මල්ලි ස්කෝලෙ ....

ඉතිං දවල් වරුව ගෙදර මම විතරයි ...
ජයා ⁣අපේ ගෙදරට අර ගර්ල් ව
එක්කගෙන එන්න කල්පනාව..

මටත් බෑ කියන්න බෑ....
බොක්කෙ ෆිට් එකනෙ...

මම කැමැත්ත දුන්නා ...
හැබැයි මේ ටිකත් කියලා ..

ජයා...
වැඩේ කරගනිං ..
අවුලක් නෑ ....
හැබැයි පුතෝ උඹ දන්නවනේ...
අපේ වත්තෙ ගෙවල් පහ හයක්
තියෙනවා ....
කෑ ගැහිලි බෑ....
සද්ද බද්ද බෑ...
විශේෂයෙන් උඹේ ලවුස්පීකර් ⁣කට
වහං හිටපං හොඳේ ....
නැත්තං මගෙ කාඩ් කුඩු...

"පිස්සුද සමා...
අවුලක් නෑ ...එල එල"

*******************************************

කොහොම හරි ඒ දවස උදා උනා ...

උදේ දහය විතර වෙද්දි කපල් එක ගෙදර
ආවා....
මම කියපු විදියටම ගේට්ටුවට
තට්ටු නොකර බොහෝම පුරුදු
විදියට ගේට්ටුව අැරගෙන ගෙදරට ආවා..

ජයා...
කරන වැඩක් සද්දෙ වහලා කරගනිං..
විශේෂයෙන් උඹෙ ලවුස්පීකර් කට වහං,
හිටපං හොඳේ ....
නැත්තං අහල පහල මිනිස්සු හිතයි
ගේ ඇතුලෙ වලියක් කියලා ..
පැය දෙකකින් විතර මම එන්නං...
එතකං මගෙ කාඩ් කුඩු නොකර
වැඩේ කරගනිං හොඳේ ....

දෙන්න තියෙන උපදෙස් ඔක්කොම ටික
දීලා මම පාර පැත්තට ගියා...

යන ගමන් මාත් එක්ක වැඩ කරන
යාළුවෙක් මුණ ගැහුනා
( කතාවට සම්බන්ධ කෙනෙක් ඈ)
ඒ මහේෂ් ...
එයාටත් විස්තරේ කියලා එයත් එක්කම
ගාලුපාරේ කඩයක් කරන යාළුවෙක්
මුණ ගැහෙන්න ගියා
( එයත් සම්බන්ධයි කතාව⁣ට)

දෙන්නටම ජයාගේ කතාව කියලා
කඩේ කරන යාලුවගෙන් එයාගෙ
පුෂ් බයිසිකලෙත් ඉල්ලගෙන
මම මහේෂුත් එක්ක අපි එක්ක
වැඩ කරන අක්කා කෙනෙකුගෙ
ගෙදර ගියා....

ඇයි ඉතිං පැය දෙකක් යවා ගන්නත්
එපැයි...

කතා⁣වෙ හොඳම හරිය දැන්

ඒ ගෙදරට ගිහින් විනාඩි ගාණක්
ගියෙ නෑ ..... කෝල් එකක් ආපි
ගෙදර ලෑන්ඩ් ලයින් එකට.

ඉතිං මට මොකෝ...
මගේ ගෙයක් නෑ ....

" සමන්ත මල්ලි ....
ඔයාව ඉල්ලන්නේ ...."

ඒ ගෙදර අක්කා එහෙම කියලා...
මට ෆෝන් එක දික්කලා .....

( මේක කියවන බොලාට ⁣දැනෙනවද
ඉස් මුදුන සීතල වේගෙන යනවා..
පිට දිගට හිරි වැටීගෙන යනවා...
කකුල් දෙක හොල්ලන්න බැරුව
ලොක් වීගෙන යනවා...
උගුර කට වේලිලා යනවා....)

අැයි යකෝ කවදාවත් නැතුව පිට
ගෙදරකට ගිහින් ඉඳිද්දි ඒ ගෙදරට
කවුරු හරි කතා කරලා ගෙදරට
ආපු අමුත්තට කතා කරන්න පුළුවන් ද
කියලා අහනකොට එහෙම වෙන්නේ
නැද්ද .....

අනික ගෙදර මරාලයක් සෙට්
කරලා තියෙද්දී ......

මොකක් නමුත් බාල්දියක් ...
මොලේ ස්නායු එක හෙලාම
සඥා කරන්න පටන් ගත්තා ...

අව සිහියෙන් වගේ මම ෆෝන් එක
දිහාට ඇදී....ලා ගිහින් ෆෝන් එක
කණේ තියාගෙන හලෝ කිව්වා...

සමන්ත ...සමන්ත
මම කතාකරන්නෙ....
( අර කඩේ යාළුවා )

අන්න උඹලගෙ නංගි ගෙදර ගියා...
අසනීපයි කියලා නිවාඩු දාලා
ඇවිල්ලා ...
අපේ කඩෙන් කිරි පැකට් එකකුත්
අරන් ගියේ...
අවුලා තාම ගෙදර නේද....

මට දැන් හතර හන්දිත් පණ නෑ

අක්කෙ අපි යනවා ...
එහෙම කියාගෙන මම එලියට පැන්නා..
යාළුවා මහේෂුත් ඒ එක්කම ආවා..

මොකද අවුල...

මහේෂ් ....
අපෙ නංගි වේලසනින් ඇවිල්ලා බං..
අන්න ගෙදර යනගමන්ලු..
කඩේ එකා කිව්වේ ...
ජයා ව දැකලා මොන ජංජාලයක්
වෙයිද දන්නෑ බං....

අම්මට සිරි....
මොකක්ද කරන්නේ දැන්...

මොනා කරන්නද කියලා තේරෙන්නේ
නෑ බං....
අර ජෝඩුව ගෙදර ඉන්නවා දැක්කොත්
ජංජාලයයි....
කොහොම හරි නංගිට කලින් ගෙදර
ගියොත් හරි....
මගෙ හතර හන්දිත් පණ නෑ මහේෂ් ..
උඹ පාගපං බයිසිකලේ ..

මම බයිසිකලේ පදින්න මහේෂ්ට
දීලා පොල්ලෙ වාඩි උනා....

මට දැන් පිච්චර් එක වගේ
මැවෙනවා
නංගි ගෙදරට යන හැටි..
දොරට තට්ටු කරන හැටි...
අවුලා දොර අරින හැටි...

නංගි ගේඇතුලට යයිද..
ඇතුලෙ ඉන්න ගෑණු ලමයව
දකීද....
උන් දෙන්නගෙ ජිංකි ජිංකාව
ඉවරද...
නැද්ද ....
ඒ හොන්තුව අැඳුම් ඇඳලා ඉඳීද...
නැද්ද ....
නංගි කෑ ගහයිද ....
නැද්ද ....
අහල පහල අය එයිද....
නැද්ද ....

ආයෙ කතා දෙකක් නෑ ...
ගෙදර වසලත් හමාරයි ...
වත්තෙ ගෙවල් වල උන්ට මූණ
දීලත් හමාරයි ....
පාරෙ ගිහිල්ලත් හමාරයි ...
දහම් පාසලේ උගන්නලත් හමාරයි ...
⁣ගමේ ඉඳලත් හමාරයි....
ආයෙ නිකං ගේ ඇතුලෙ රෙස්ට් හවුස්
එකක් කලා කියලා තමා කතන්දරේ
යන්නේ ....

බයිසිකලේ යන ටිකට මමම ප්‍රධාන
චරිතෙ රඟපාන මගේම පිචැර් එක
මටම පේනවා දැන්...

මහේෂ් ...
ඕක හයියෙන් පාගලා යමං උට්ටෝ.....................

*********************************************

ඒ වෙනකොට මහේෂයා දාඩියෙන්
පෙඟිලා ....
හතර හන්දි පණ නැති මම තාම
පොල්ලෙ....

කොහොම හරි ගෙවල් වලට හැරෙන
පාර ගාවට ආවා...
කලබලයක් නෑ තාම

ගේට්ටුව ගාවට ආවා...
කලබලයක් නෑ තාම.

වත්තට ආවා ...
කලබලයක් නෑ තාම.

අපි දෙන්නා උපාසක බලල්ලු දෙන්නෙක්
වගේ ගේ දොරකඩට ආවා...
කලබලයක් නෑ තාම....

ගෙදර සාලෙ නංගි වාඩි වෙලා ඉන්නවා .
අවුලා වාඩි වෙලා ඉන්නවා .
අර කෙල්ලත් වාඩි වෙලා ඉන්නවා .

මට දැන් මාර අවුල...
වැඩේ ගොඩින් ෂේප් උනේ කොහොමද
කියලා හිතාගන්නම බෑ...

කමක් නෑ ...
කොහොම හරි ෂේප් වෙලානෙ.....
ජයාවයි කෙල්ලවයි එලියට අරගෙන
විස්තරේ අහගන්ඩ ඕනෙ...

එහෙම හිතපු මම
"අපි යංද මචං...
කියලා කියන්න හදන කොටම...

අර ගොං මෝඩ මූසල අවුලා...
උගෙ ලවුස්පීකර් කටෙන්...

එක වචන පේලියකින්
සම්පූර්ණ කතාවම කියලා
ඉවර කලා කියහංකෝ

සමා...
අවුලක් නෑ සමා...
අපි දෙන්නා වැඩේ ඉවර කරලා
දොර අරිනකොටම තමයි නංගි ආවෙ
නංගිට මාට්ටු නෑ සමා........

ඉතාම කැත...
අප්‍රසන්න සතෙක් දැක්කා වගේ
මූණ වෙනස උනු නංගී ගස්සගෙන
ගෙට ගියා..

******************************************

මීලඟට
අවසාන කොටස
අවුලා මට සෙට් කල කෑල්ල

මලබාරි බත් ,ඉන්දියන් බත්



පිටරටක රස්සාවක් කරන්න හීනෙකින්වත් හිතේ තිබුණේ නැති කෙනෙකුට රට රස්සාවකට යන්න හිත හදාගන්නේ කොහොමද කියලා දැනෙන්නෙ රට රස්සාවකට ගිය කෙනෙකුට විතරයි ...

ඇරත් තමන් ආදරය කරන දරුවො ,වයිෆ් ,සහෝදර සහෝදරියො ,අම්මා තාත්තා ගෙන් වෙන් වෙලා අෑත රටක තනිවෙන්නත් හිත හයිය තියෙන්න ඕනෙ කියලා දැනෙන්නෙ ගුවන් තොටුපලෙන් සමුගන්න මොහොතෙදී......

ඇත්තටම අව්‍යාජ කඳුළු දකින්න පුළුවන් හොඳම තැන තමයි ගුවන් තොටුපල...

මේ කියන්න හදන්නේ ඒ ගැන නෙවෙයි ...
බඩජාරිකම ගැන....

කෑම වල රස බැලුවා මිසක් ජීවිතේට හොද්දක් මාළුවක් උයලා නැති එකෙක් උයන්න පුරුදු වෙන එකත් මාර අත්දැකීමක්.....


රස්සාව ලැබුනත් ඇග්‍රිමන්ට් එකේ හැටියට ලැබෙන්නේ ඉඳුම් හිටුම් විතරයි ... කෑම අපි විසින් සපයා ගන්න ඕනේ ......
ඒ කියන්නේ කඩෙන් තමා ,
නවාතැනේ නීතිරීති අනුව ඉවීම ,ගිනි දැල්වීම තහනම් ...
ලංකාවේ ඉඳිද්දි උයපු නැති අපි උයයිද මෙහේ කියලා කට්ටිය රෙස්ටුරන්ට් වලින් කන්න පටන් ගත්තා .
බුරියානි ද ⁣තෝසෙද අරවද මේවද තියෙද්දී මොකටෙයි අප්පා ඉවිලි.....

ඒත් ...... සතියක් දෙකක් බුරියානි ම කෑවට පස්සේ අතිරස ට වෙච්චි දේම තමා බුරියානි වලටත් උනේ....
පෙන්නන්න බැරි උනා....

ලංකාවේ ඉඳිද්දි අම්මා උයන කෑම ,
නෝනා උයන කෑම දැන්නං දිවිය බෝජන වගේ දැනෙන්න පටන් ගත්තේ ඔය අතරෙ තමයි ...

" මම නං ආයෙ ලංකාවට ගියාම ⁣ගෙදර උන්දෑ ලුණුයි බතුයි දුන්නත් කිසි දෙයක් කියන්නේ නැතුව කනවා මචං "

සමහරුන්ට එහෙම කියවෙන්න පටන් අරං.....

මලබාරි බත් ,ඉන්දියන් බත් වලට හුරු වෙන්න හැදුවත් මිරිස් නැති - පොල් කිරි නැති මාළු පිණි බඩ පණුවො කටේවත් තිබ්බෙ නැති එකනෙ වැඩේ.......

මේ හැමදේටම වග කියන්න ඕනේ අම්මයි නෝනයි තමා....
කටට රසට කෑම හදලා දුන්නම අපි ඒවට හුරු වෙන එක අහන්නත් දෙයක්ද...
ඔක්කොටමත් හපන් මෙහෙ තියෙන පටාන් රොටිය......

රොටි කිව්වට ලංකාවේ රොටි එක්ක සංසන්දනය කරන්න නං එපා ඕං.....

ලංකාවේ නං උදේ හදපු රොටිය හවස කන්න පුළුවන් ශෝක් එකට....

ඒකට මේ පටාන් රොටි ......
හදන්නෙත් පොල් නැතුව පිටි විතරක් දාලා....... .
ඒක හදපු ගමන් කන්න ඕනෙ ...
පැය බාගෙකට පස්සේ ඒක රබර් රොටි තත්වෙට එනවා....
අනික තමයි අපේ ජාතික ආහාරේ - පරිප්පු .
පරිප්පු දීසියෙ පානක් පත්තු කරන්න පුළුවන් තරමට තෙල්...
තෙල් බේරිබේරී පරිප්පු කන්න නං ඉතිං අබුඩාබි ම එන්න ඕනේ ....

හැබැයි ඉතිං මේවා කිසි අමාරුවක් නැතුව උගුරෙන් පහලට දාගන්න කීපදෙනකුත් හිටියෙ නැතුව නං නෙමෙයි ..
මං කලින් කිව්වේ .. ඒවා ඉතිං අපේ අම්මගෙයි ,වයිෆ්ගෙයි වැරදි තමා...

මාස දෙක තුනක් මේ කටුක භෝජනේ ගිලලා ගිලලා අන්තිමට අපි කීප දෙනෙක් ලංකාවේ ගතිය පෙන්නන්න තීරණය කලා..........

ඒ කියන්නේ නීතියට ගරු නොකරන එක

නවාතැනේ ගිනි දැල්වීම තහනම් උනත් දෙතුන් දෙනෙක් එකතු වෙලා හොරෙන්ම ලිප් වලං ගෙනල්ලා හොද්දක් බතක් හදන්න තීරණය කලා.....
කාල මරණං - අකාල මරණං කියලා දෙකක් තියෙනවනේ ...
මොකටැයි අකාලෙ මැරෙන්නෙ...

ටික දවසක් ආසාව සංසිඳව ගත්තත් බලදියා එකෙන් ( නගර සභාව වගේ ආයතනයක්) පැනලා හට්ටි මුට්ටි එලෝලු සේරම කුදලං ගියානෙ....
හැබැයි ඉතිං එක සැරේම අපි උයන එක නැවැත්තුවෙ නෑ ....
දෙවෙනි වතාවටත් බලදියා එකෙන් පැනලා දඩයකුත් ගැහුවට පස්සේ තමයි නීතියට ගරු කලේ..... ලංකාවෙනේ....

කතන්දරේ කියන්න පටන් ගන්නෙ මෙතෙනින් තමයි ...
උඩ තියෙන්නේ පෙරවදන කියලා හිතා ගන්න කෝ....

ඇත්තම කතාව අර උඩ සඳහන් කරලා තියෙන කන්න බැරි කෑම අවුරුදු හතරක් තිස්සෙම බඩ පණුවන්ට කන්න දෙන්න සිද්ධ උනා.....

දැනට මාස දෙක තුනකට කලින් මට මාරුවීමක් ලැබුනා...
බොලේ .....
එතන රාජකාරි කරන තැනම පොඩි කුස්සියකුත් තියෙනවා ......
උයන පිහන බඩු ටික අරන් යන්න විතරයි තියෙන්නේ .....
වැඩේ ඉතිං ලංකාවෙදි තේ එකක් වත් හදලා නැති මම කොහොමද උයාගෙන කන්නෙ ............
ඒකත් තනියම.....

යකෝ...!!!
ගෑණුන්ට පුළුවන් නං මට බැරි මොකද කියලා ගත්තා අර පුරුස දහිරිය කියන එක...

ඇත්තම කියනවා නං ම⁣ට පුරුස දහිරිය දුන්නෙත් ගෑණු ම තමා....!!!

රැයක් දවාලක් නැතුව බැලුවා youtube එක.
ලේසියෙන් හදන්න පුළුවන් කෑම ජාති හෙව්වා ..
ඒ අස්සෙ ලංකාවේ ගෑණු දෙන්නෙක් කෑම හදන හැටි ගැන වීඩියෝ ටිකක් දැක්කා ..

" අපේ අම්මා "
"අනෝමාස් කිචන්" වීඩියෝ ටික එකක් නෑර බැලුවා...
ලංකාවේ විදියට උයන්න ඕනෙ කරන කුළුබඩු ටික ටික අරගත්තා....
උයන භාජන දෙක තුනක් අර ගත්තා ....
වයිෆ් ගෙනුත් උපදෙස් ගන්න කොට මෙහෙම කියපි.....

" ඇයි අනේ... ඔයාගෙ මල්ලි ගෙන් අහගන්නකො"

කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලේ කුක් කෙනෙක් වෙලත් මං කොහොමද මල්ලි ට සෙකන්ඩ් වෙන්නේ ..........

පස්සෙන් පහු කාලෙක මගෙයි මල්ලිගෙයි නංගිගෙයි දූ දරුවො ඉස්සරහ එයා මෙහෙම කියන්න බැරි නෑ......

ආ........ අපෙ අයියද
ආ......එයා හරි උගතා
ඒ උනාට එයා මගෙන් තමා හොද්දක් බතක් උයන හැ⁣ටි ඉගෙන ගත්තේ ....
කියලා ..

වැඩිමලා හැටියට අවධානමක් ගන්න එක හරි මදි නේද ෆ්‍රෙන්ඩ්ස් ....

අනික මම මේ දවස් වල එයාගෙන් තමා දේශපාලන ආතතිය පිට කරගන්නෙ ....

"අන්න තොගේ මහ එකා මහ බැංකුවට කෙලලා... තෝ වගේ එවුන් හින්දා තමයි රටට මේ කල ගියේ...."

මෙහෙම කියන මම උයන පිහින හැටි අහගන්න එක අනාගතේදි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද ෆ්‍රෙන්ස්....

වැඩේ කියන්නේ එක හොද්දෙන් දෙකෙන්ම සිස්ටම් එක මට තේරුනා..
මම තනියම උයන බව දැනගත්තු අම්මා ලංකාවේ ඉඳන් එන කෙනෙක් අතේ ගෙදර හදපු බැදපු මිරිස්, බැදපු තුනපහ, කහකුඩු ටිකක් එවලා තිබ්බම සංතෝසේ ඉස්මොල්ලෙ ගියා....

මාසයක් ඇතුලත කරි හත අටක්ම හදලා රහ බැලුවා විතරක් නෙමෙයි ...
කලින් නවාතැනේ යාළුවන්ට ඒවයෙ පින්තූර ගහලා යවලා විවිධාකාර සාප කිරීම් වලටත් ලක්උනා.....

දැන් වයිෆුත් අහන්න පුරුදු වෙලා අද මොනවද ඔයා හැදුවේ කියලා
ඒ විතරක් නෙවෙයි ......
මම හදන කෑම වර්ග ලියලා තියාගන්නවලු......
මම ලංකාවට ආවම හදලා දෙන්න වෙනවලු......

හැබැයි මේ ලඟදි මඤ්ඤොක්කා කරියක් උයන්න ගිහිල්ලා පොඩි බයක් ආවා.....
ඒක හරිය⁣ට තැම්බුනේ නැත්තං විස වෙන කතාවක් අහලා තිබුන නිසා. වෙලාවට නෝනත් හදිසි රැස්වීමක...

එදා මට උදව් කලේ බුකියෙන්අඳුන ගත්තු #Muthu Wathsala
එයා තමයි එදා මගේ වීරයා ....
ස්තූතියි මුතූ ....

කෑමට විතරක් ගිජු උනු බඩජාරියෙක්
උයන්න පුරුදු උන හැටි ගැන කතාව නිමයි....
කියවූ ඔබ සැමට ස්තූතියි ....!!!

පහල ඡායාරූප රස විඳීමට පමණයි ..
ඇණවුම් බාරගනු නොලැබේ...