2018/11/10

පෑඩ්



ඒ කාලෙ ස්කෝලෙ ලෙදර් ක්‍රිකට් ප්‍රැක්ටිස්
යනවා මං.....
අත්‍යවශ්‍යම ආම්පන්න ගත්තත්
ලෙදර් බැට් ෆෑඩ්ස් එහෙම යාළුවොන්
ගෙන් තමයි ඉල්ලගෙන සෙල්ලං කරන්නේ ...........
( ඒ තරං පෝසත්)

ඔය කාලෙ දහම් පාසලේ යාළුවෙක් හිටියා.
නම නං මතක නෑ දැන් ..
දහම් පාසලේ යාළුවෙක් කියලා කිව්වේ එ්කා
වෙන ස්කෝලෙකට ගි⁣ය නිසා...
දහම් පාසලේදි විතරයි මුණ ගැහෙන්නෙ ............

මිනිහත් ඉතිං ( මිනිහා කියන්නේ මගෙ යාළුවා ) ක්‍රිකට් ෆුට්බෝල් ස්විමින්
කරනවා එයාගෙ ස්කෝලෙ

අපි දෙන්නා සතියකට සැරයක්
දහම් පාසලේ දි මුණ ගැහුනම
ගහපු ගැහිලියි, වෙච්චි දේවලුයි
අනං මනං කතා ගොඩයි...
දහම් පාසලේ කෙල්ලො ඉතිං කට ඇරං
අහං ඉන්නවා ....
හරි සෝක් අපිට ....

එක දවසක යාළුවා කියපි......

මචං ...
මගෙ පෑඩ් දෙක කැඩිලා...
හෙට මැච් එකක් තියෙනවා මට ...
මට එක දවසකට ඔයාගෙ පෑඩ් දෙක දෙනවද කියලා .....

යාළුවෙක් උදව්වක් ඉල්ලුවම කොහොම
හරි ඉෂ්ට කරලා දෙන්න හදන අමාරුව
පොඩි කාලෙත් මට තිබුණා ...
තාමත් තියෙනවා ....

යාළුවත් ඉතිං යමක් කමක් තියෙන එකෙක් ......
ඒත් මේ වගෙ වෙලාවක මගෙන්
උදව්වක් ඉල්ලුවම බෑ කියලත් බෑ ...

මං ඉල්ලගන්නෙත් යාළුවෙක් ගෙන් බං...............
දහම් පාසල් ඇරිලා යං උගෙ ගෙදර...
ගිහින් ඉල්ලමු....

මං කිව්වා...
යාළුවත් කැමති උනා.

දහම් පාසල් ඇරිලා මුලින්ම ගියේ
අපේ ගෙදරට....

මට වගේ කාඩ පෙනුමක් නැති
ටිකක් ප්‍රියමනාප පෙනුමක් තියෙන කෙනෙක් යාළුවෙක් හැටියට ඉන්නවා කියලා අම්මට පෙන්නන්නත් එක්ක...

යාළුවා දිහා බලල අම්මත් පර්මිෂන් දුන්නා
ගිහින් වැඩේ කරලා දීලා ඉක්මනට එන්න කියලා ....

අපි දෙන්නා ඉතිං ගියා රස්තියාදුවෙ

එක යාළුවෙක් කිව්වා ඌටත් හෙට මැච් එකක් කියලා .....
තව එකෙක් කිව්වා වෙන යාළුවෙක් ඉල්ලං ගියා කියලා .....

ඔහොම ඔහොම තුන් හතර පොලකට
ගියත් වැඩේ කෙරුනෙ නෑ .....

අන්තිමට මගෙ යාළුවා වැඩේ අතඇරලා දැම්මා ....
සමා....
අවුලක් නෑ එහෙනං මං අපේ ගෙවල් පැත්තේ එකෙක් ගෙන් බලන්නං කියලා .

මිනිහව ( යාළුවව ) බස් එකට නග්ගලා
මම ගෙදර ආවා.....

ඊළඟ සතියේ දහම් පාසලේ දී.....

මම
ඒ බං....
එදා මැච් එක ගැහුවද...

යාළුවා
ඔව් බං
අපි දිනුම් .
මං පෑඩ් දෙකකුත් හොයාගත්තා.

කොහොමද ස්කෝර් එක....
උඹ ලකුණු කීයක් ගැහුවද...

මං සෙන්ටර් බං ගැහුවෙ
තුනට බිංදුවයි...

ඒ කියන්නේ .....

අපි ගෝල් තුනයි
උන් බිංදුවයි....

ක්‍රිකට් මැච් එකක් නෙමෙයිද
ගැහුවෙ ....

නෑ .... ෆුට්බෝල් .

මම ඌ එක්ක පැය දෙක තුනක රස්තියාදුවක් ගැහුවෙ ක්‍රිකට් පෑඩ් දෙකක් ඉල්ලලා දෙන්න.......

ඌ මාත් එක්ක පැය දෙක තුනක් රස්තියාදු වෙලා තියෙන්නේ ෆුට්බෝල් පෑඩ් දෙකක් ඉල්ල ගන්න .

No comments:

Post a Comment