2018/11/10

අවුලා සෙට් කල කෑල්ල

ජයා හෙවත් අවුලා ගැන අවසානයට
ලියන කතාව තමා මේ.....

ඊට කලින් කීප දෙනෙක් අහලා තිබුන
ප්‍රශ්න කීපයකට උත්තර දෙන්නං

අවුලා බුකියෙ නෑ ..
අවුලා බැන්ඳෙත් නෑ ..
ඌ ගැන ලියන එක උෟට අවුලකුත්
නෑ කියලා මට ශුවර් .....
අවුලා ලඟ මගෙ නංගිව හරි නෝනව
හරි තියලා යන්න මට බයක් නෑ ..
මොකද ඌ සබ්ජෙක්ට් එකට කැමති අය
එක්ක මිසක් දකින හැම ගෑණියෙක් ටම
ටෝක් කරන්නේ නෑ .....

මම මේ ලියන්නෙ අවුලගෙ පිස්සු වැඩ උනාට
ඌ හොඳ මීටරයක් සමාජෙට....
රාජ්‍ය නාට්‍ය උලෙලවල් වලට අවසානවටයට
පවා සුදුසුකම් ලබපු නාට්‍ය කල එකෙක් .

කලාව සාහිත්‍ය දේශපාලනය ගැන
එලිවෙන කං,කතා කරන්න පුළුවන් එකෙක් .

දෙමව්පියන් ගෙත් , උගෙත් උනන්දුවක්
නැතිකම නිසා කසාදයක් කරගන්න
බැරි උනාට එල පොරක්....

හරි දැන් අන්තිම කතාවට යමු.

ඒ දවස් වල අවුලයි මමයි
රෑ වැඩ කල බව මතක ඇතිනේ ..
ඉතිං උදේ ඉඳලා හවස් වෙනකං
ඕන ජෝගියක් නටන්න වෙලාව තිබුණා ..

මේක ලියන ගමන් මතක් උන සිද්ධියක්
ලියන්නං..

දවසක් මමයි ඒ දවස් වල යාළු වෙලා
හිටිය ගර්ලුයි අවුලයි ගියා නාට්‍යයක්
බලන්න ...
නාට්‍ය පටන් ගන්න කලිනුයි ,නාට්‍ය බලන
ගමනුයි , නාට්‍ය ඉවර වෙලා එනගමනුයි
අවුලයි මමයි නොනවත්වා කතාව...
අහම්බෙන් ගර්ල් ගෙ මූණ දැක්කමයි ද
දෙයියො මතක් උනේ....
ඒක පිපිරෙන්න ඔන්න මෙන්න ..
මේකා එක්ක කතාවට ගිය මට
ගර්ල් එක්ක කතා කරන්න වත්
මතක නැති වෙලා කියාංකො ..
එහෙමට පොර කතාවට...

ඉතිං දවසක් මමයි අවුලයි කටුබැද්දෙ බාර් එකක සෙට් උනා......
උගෙ ගල් බාගෙයි මගෙ බියර් බෝතලෙයි
අඩිය පේන සයිස් දැන් ....
පුරුදු පරිදි අවුලගෙ ගෑණු කේස් ගැන
කතාව ඇදලා ගත්තා ...

බීපු මරගාතෙ මමත් අවුලගෙන්
සපෝට් එකක් ඉල්ලුවා....

"ජයා...
උඹ හැමදාම මොකක් හරි එකක්
සෙට් කරගන්නවා ...
අඩෝ.. මටත් එකක් සෙට් කරලා
දියං කො...."

ඇයි යකෝ ඉන්න එක

" ඒක තියෙනවා තමයි බං...
ටෙම්පරියක් සෙට් කරලා
දියන්කො ටික දවසක් අදින්න"

ඔන්න ඉතිං බීපු මරගාතෙ උනත්
අවුලා පොර ටෝක් දෙන්න පටන්
ගත්තා ..

" සමා...
එහෙම සෙට් කරන්න අමාරුයි සමා.
මම සෙට් කර ගන්න එකක් මං
කොහොමද උඹට සෙට් කරන්නේ ..
ඒම අමාරුයි බං...
උඹ දවසක් මාත් එක්ක වරෙන්කෝ ..
මම කියලා දෙන්නං එකක් ටෝක්
කරන හැටි..."

" අනේ මේ පලයං ජයා...
උඹත් එක්ක පාස්පෝට් කන්තෝරු
ගානෙයි...
බස් වලයි රස්තියාදු ගගහා
බඩු බලන්න එන්න බෑ...
අඩෝ උඹ යාළුවෙක් නං මට
එකක් සෙට් කරලා දියං.."

මගේ බැරි කම වහගන්න ඌට
පොර ටෝක් එකක් දීලා
අපි බොන එක ඉවර කරලා
එලියට ආවා.....

හවස වැඩට යන්නත් තියෙන නිසා
කට්ට අව්වෙ පිච්චි පිච්චී මම ගෙදර
ආවා....
අවුලා බස් එකට නැගලා ගියා .

*********************************************

ගෙදර ඇවිල්ලා මම පැයක් දෙකක්
නිදා ගත්තා ...

නින්දෙන් මට ඇහෙනවා කව්ද ගේට්ටුවට
ගහනවා...

මතක ඇති මම කලින් ලිව්වා ...
අපේ ගෙදර වගේම අහල පහල ගෙවල්
පහ හයකටම එක ගේට්ටුවයි
ඇතුල් වෙන්න තියෙන්නේ කියලා ....

මට නින්දෙන් ඇහෙනවා අවුලගෙ ලවුස්පීකර්
කටහඬ ගේට්ටුව ගාවින් ...

සමා ....සමා....

අඩෝ කෑලි දෙකක් සෙට් උනා...
උඹට එකයි මට එකයි....

උඹට එකයි මට එකයි...

හතරාමාරට බෙලෙක් කඩේ
හන්දියට එනවා කිව්වා...

සමා,...සමා..
අඩෝ ...සමා...

මම නැගිට්ටා නෙමෙයි ...
මිදුලට විසි උනා....

මේකා එදා වගේම අදත් අර ලවුස්පීකර්
කටින් ගේට්ටුව ගාව ඉඳගෙන
ෆුල් ස්ටෝරියම වත්තෙ ගෙවල් පහ
හයටම ඇහෙන්න සැලැස්සුවා...

මට කට උත්තර නෑ ....

අතින් පයින් ඇඟිලි වලින් පෙන්නන්න
පුළුවන් ඔක්කොම කුණුහරුප ටික
පෙන්නලා ඌට ඇඟෙව්වා

නහුකා කට වහගෙන ගෙට වරෙන් ..
අහල පහල ගෙවල් වලට ඇහෙනවා
කියලා .....

මේ ගල් මූසලයා ඒ පාර ගේට්ටුව ඇරගෙන
එන ගමන් කියපි....

නෑ ...නෑ . සමා.....
කාටවත් අැහුනෙ නෑ කියලා .

මට මූව අමුවෙන් කන්න කේන්තියි.

වහාම බෙල්ලෙන් ඇදලා ගෙට දාලා
පුටුවෙ වාඩි කෙරෙව්වා ....

මට ඌරූ ජුවල් නැග්ගට මූට
බනින්නත් හිතෙන්නේ නෑ දැං...

ඇයි ඉතිං ..
මම කිව්වා වගේම මේකා මට
කෑල්ලක් සෙට් කරලලුනෙ....

උට්ටො ...
තොගෙ ලවුස්පීකර් කටින් පාරෙ ඉඳන්
කෑගැහුවම මුළු ගමම දැන ගන්නවා
කියලා අමුතුවෙන් කියන්න ඕනද
ප⁣ෝ.....

අවුලක් නෑ සමා..
ලෑස්ති වෙයං ඉක්මනට හතරාමාරට
කෑලි දෙක එනවා බෙලෙක්කඩේ
හංදියට....
වරෙන් ශර්ට් එකක් දාගෙන....

කෑලි දෙකක්....

ඔව් ...
උඹට එකයි මට එකයි..

මොනවගේ ඒවද...
ගහන්න පුළුවන් ද...

ඒක දන්නේ නෑ සමා...
මම එකක් ටෝක් කලා...
මම ඇහුවා මගෙ යාළුවෙක් ට
කෑල්ලක් සෙට් කරලා දෙන්න කියලා ..
ඒකි යාළුවෙක් එක්ක හතරාමාරට
එන්නං කිව්වා බෙලෙක්කඩේ හංදියට.
ලෑස්ති වෙයං ඉතිං ....

කෙල්ලෙක් නං බෑ බං...
දැන්ටත් එකක් ඉන්නවනෙ..
බැඳපු එකක් නං එල...

ඒක යකෝ උඹ ඒකි හම්බෙලාම
අහපං...
යකෝ දැන් ලෑස්ති වෙයං....
නැත්තං උන් යයි....

මේ යකා මගෙ කාඩ් එක වත්ත මැද්දෙම
කුඩු කලාට මරන්නැයි ඉතින්...
මේම චාන්ස් එකක් ගෙදරටම අරන්
ආවම...

දඩි බිඩි ගාලා ලෑස්ති වෙච්ච මම අවුලා එක්ක
බෙලෙක්කඩේ හන්දියට ගියා
හතරාමාරට කලින් ...

******************************************

කෝ....

හිටපං පොඩ්ඩක් ...

කෝ....
හිටපං පොඩ්ඩක් ...

පිස්සො කලබල උනාට ඩොක්ටර්
කලබල නෑ වගේ....

ටික වෙලාවක් යනකො⁣ට පාර දිහා
බලං හිටිය අවුලා කතා කලා.

" සමා...
අර එන්නේ මචං බඩු දෙක...
අර ටිකක් මහත එකට තමා මම
ටෝක් කලේ..
ඒකත් එක්ක එන පොඩි කෑල්ල වෙන්න ඕනෙ
උඹට සෙට් කරනවා කිව්ව එක"

ගාමන්ට් එකක වැඩ කරන පෙනුමෙක්
තියෙන ගෑණු ලමයෙක් තව ඊට පොඩි
නංගියෙක් එක්ක එනවා පේනවා.

මේවා මචං ගහන්න පුළුවන් ඒවා නෙමෙයි ...
කෙල්ලො දෙන්නෙක් ද කොහෙද ...
ලව් කරන්න හොඳයි ....
පොඩි එක නං ලස්සනයි බං.
මම කිව්වා ...

හරි හරි ...
එව්වා උඹ කතා කරන කොට
දැනගනිං....
දැන් ඇඹරෙන්නෙ නැතුව ටෝක දාපං හොඳේ ....

කොහොම හරි ගෑණු ලමයි දෙන්නා
හෝල්ට් එකට ආවා...
ලොකු ගර්ල් නං කිසි ගානක් නැතුව
අවුලා එක්ක ඉඟිබිඟි කරද්දි
පොඩි ගර්ල් නං තාම මූණ රතු කරගෙන
බිම බලාගෙන ....

මම...
මමත් දැන් ගැහෙනවා ඉතිං ...
එතකොට ත් ගෑණු ලමයෙක් යාළුවෙලා
හිටියට ඉස්ඉස්සෙල්ලාම ස්පෙයා වීල්
එකක් සෙට් කරගන්න හදන දවස...

අවුලා තමයි දවසකටවත් මිනිහා...
යකෝ මේකා මටත් එකක් සෙට්
කලානෙ....
මම හිතිං හිතනවා...

කෝමහරි මුලින්ම ආපු බස් එකට හතර දෙනාම නැග්ගා ...
අවුලගෙ වෙලාවට ඒ ජෝඩුවට තනි
සීට් එකක් ලැබුනා...
වාඩි වෙච්ච වෙලේ ඉඳන් උන් දෙන්නා
කතාව....

මම අර පුංචි ගෑණු ලමයා ගාවම
හිටගෙන...
මොනවා කතා කරන්න ද කියලා මටම
තේරෙන්නේ නෑ ...
ඒ ගෑණු ලමයත් මූණ රතු කරගෙන
හිනාව තද කරගෙන බිම බලාගත්තු
ගමන්මයි.

පෙනුමෙන් , හැසිරීමෙන් නං අපි
හිතපු ජාතියෙ එකක් නෙමෙයි .
පුංචි කෙල්ලෙක් කියලා දැනෙනවා ..

දැන් ඉතිං ....
අවුලා සෙට් කල එකේ...
⁣කෑල්ලත් හෝල්ට් එකට ආපු එකේ..
බස් එකට නැග්ග එකේ...
ලඟ හිටගෙනත් ඉන්න එකේ...
මොනවාහරි කතා කරන්නත් එපැයි...

ඕන උට්ටක් කියලා මම ඒ ගර්ල් ගෙ
අත අහුවෙන්නත් එක්කම පොල්ල
අල්ල ගත්තා
( බස්වල අල්ලං යන්න ගහලා
තියෙන පොලු හොඳෙයි)

පුදුම සීතලක්...
ටික වෙලාවක් සද්ද නොකර හිටපු
එයා හිමීට අත පහතට ගත්තා .

තිබුණු පුරුස ධෛර්යය එකතු කරලා
ගත්තු මම පුළුවන් තරං ලයාන්විත
විදියට මෙහෙම ඇහුවා ....

" ඇයි ...
බයද...."

තාමත් මූණ රතු කරගෙන බිම බලාගෙන
හිනා වෙන ඒ ගර්ල් ඔලුව උස්සලා
එකම එක වාක්‍යයක් කියලා ...
අායි බිම බලා ගත්තා .

" අයියෙ...
මම ඔයාව දන්නවා ..."

මට පොඩි ගටක් ආවා..
මාව දන්නවා කියන්නේ ඉතිං ලකුණු
තමා...
ඔය දහම් පාසල් තරඟ වලදි ,
නාට්‍ය තරඟ වලදී, ස්පෝට් මීට්වල
ඉන්විටේෂන් රිලේ වලදී...
ඔය මොනවා හරි එකකදි මාව
දන්නවා ඇති..

මම එහෙමයි හිතුවෙ ...

"කොහොමද ඔයා මාව දන්නේ ...."

තව ලකුණු වැඩි කරගන්න හිතාගෙන
මම එහෙම අැහුවා ...

ලකුණු කෙසේ වෙතත් තරු විසිවෙන
සයිස් එකේ උත්තරයක් ලැබුනෙ ..

" අයියෙ...
ඔයා නෙළුම් ගෙ අයියා නේද..."

මල හත් ඉලව්වයි...
එක පාරක් ගෙදර රෙස්ට් හවුස් දාලා
නංගිට නෝන්ඩි උනා මදිවට
දැන් නංගිගෙ යාළුවෙක් ට ටෝක්
කරලා තියෙන්නේ ...
මදෑ අවුලා ඉස්ඉස්සෙල්ලාම සෙට්,
කල කෑල්ල......

දැන් මේ කෙල්ල මේක අපෙ නංගිට
කියලා ...
නංගි අම්මටයි, මං යාළුවෙලා ඉන්න
ගර්ල් ටයි කියලා ...
එදා කේස් එකට වඩා බරපතල වැඩ
සහිතව හිරේ ඉන්න හැටි මට
තත්පර දෙකතුනකදී මැවිලා
පෙනුනා....

" සොරි නංගි..."

එහෙම කියපු මම බෙල් ගහලා බස් එකේ
ඉස්සරහට ගියා...

"ජයා බැහැපං..."
අවුලටත් කතා කරගෙනම මම
බස් එකෙන් බැස්සා ...

මාව බස්සලා ඉස්සරහට ගිය බස් එක
ආයෙ නැවැත්තුවා .
කොන්දාගෙන් බැණුං අහගෙන
අවුලත් බැස්සා...

" සමා මොකද අවුල...
කෙල්ල බැහැ කිව්වද..."

කෙල්ල බැහැ කිව්වා නෙවෙයි යකෝ...
ඒකි අපෙ නංගිගෙ යාළුවෙක් ලු...
එදා පෝරියල් එකට වඩා ලොකු
පෝරියල් එකක් ලැබෙයි මේක නංගි
අම්මගෙ කණේ තිබ්බොත්....

අපරාදෙ සමා...
අඩෝ අර කෙල්ල මේ ඉරිදා ෆිල්ම් එක
බලන්න එන්නං කියලත් කිව්වා බං
දෙන්නා එක්ක...

ඌ ඒ වෙනකොට ගිහින් තියෙන දුර කොහොමද ....

**********************************************

අවුලගෙ කතා ඉවරයි ...
බැලූ සැමට ස්තූතියි .

No comments:

Post a Comment