Showing posts with label අවුලා. Show all posts
Showing posts with label අවුලා. Show all posts

2018/11/10

රැල්ලට යාම හෙවත් හොඳම මිතුරාගේ පටි රෝල් කිරීම...



සුනිමල් ජයන්ත ...
එහෙමත් නැත්තං ජයා..
මෑන් ගැන තමයි මේ එලිදක්වන්න
යන්නේ .....

මට ජයා උනාට අනිත් හැමෝම මෑන්ට
කතා කලේ " අවුලා " කියලා ..
හේතුව තමයි " අවුලක් නෑ " කියන වචන
දෙක නිතරම පිටවීම...

මේක කියවන අයගේ හිතසුව පිණිසත්,
මෑන් ගෙ හැටි හරියට අඳුනගන්න
පහසු වෙන්නත් එක්ක අවුලා නැත්තං
ජයාව මට මීට් වෙච්චි විදිය කියලම පටන්
ගන්නංකො..

99/2000 ජාතික තරුණ සේවා සබාවෙ
"නාට්‍ය හා රංග කලාව" ඩිප්ලෝමා පාඨමාලාව
සඳහා සම්මුඛ පරීක්ෂණ දෙකකින් පස්සේ
කොළඹ දිස්ත්‍රික්කයෙන් තුන් දෙනෙක්
තේරුනා.

ඒ ගල්කිස්සෙන් මමත්
දෙහිවලින් සුනිමල් ජයන්ත නොහොත්
අවුලා නොහොත් ජයා ත්
මට්ටක්කුලියෙන් ජගත් ජයසිරිත්
( ජයසිරි පස්සෙ කාලෙක කලාවෙන්
වගේම අපෙනුත් සමුගත්තා)

අද කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිත වෙන
මිහිර සිරිතිලක , අතුල ජයසිංහ ,
අසංක පෙරේරා , ආලෝක සම්පත්
වගේම මාධනී මල්වත්ත මේ හැමෝම
එදා ඒ පාඨමාලාව හදාරපු සිසුන්.

ඉතිං කතාවට එමුකෝ...

අපෙ කතා නායක ජයා මට පලමු දවසෙම
හිතවත් උනා....
කිට්ටුව ගමේ නිසා එකට යන්න එන්න වීමට
අමතරව ,
කතාබහ කරද්දි දැනගත්තු විදියට
අපි දෙන්නම ඒ කාලෙ එකම ආයතනයේ
ශාඛා දෙකක සේවය කිරීමත්
( පාට්ටයිම් ජොබ් එකක්) හිතවත් කමට බලපෑවා....

අදාල කතාවට එන්න ඕන නිසා
නාට්‍ය පාසලේ වෙච්චි දහසක්
මතක අතරින් එකක් දෙකක් මතක්
කරලා ඉන්නං..

මෑන් ගැන නාට්‍ය පාසලේ ප්‍රසිද්ධ මතකය
තමා මෑන්ගෙ හයි වොලියුම් ටෝන් එක.....
හරියට කණ ලඟ ලවුස්පීකර් බැන්ඳා වගේ තමයි ..
පස්සේ කාලෙක ජයාගෙ ලවුස්පීකර් වොයිස්
එක නිසා මම කාපු කටු නං අනන්තයි ..

පස්සෙ පස්සෙ නාට්‍ය පාසැලේ ජයා
කතා කරන්න හදන හැම වෙලාවෙම
කවුරු හරි " මචං.. වොලියුම් අඩු කරහං"
කියලා කියන්න පටන් ගත්තා ...
ඔය වැඩේ නිතරම කරන්න බාර ගත්තේ
අද ජනප්‍රිය නළුවෙක් වෙන ආලෝක..

ජයාගෙ රඟපෑමුත් නරකම නෑ ....
දවසක් අපි පේරාදෙණිය වලේ⁣ කෙටි නාට්‍ය
කීපයක් පෙන්නුවා...
එක නාට්‍යයක ජවනිකාවක් තමා
ධීවර පිරිසක් මුහුදේ සිට ඔරු වලින්
වෙරලට හබල් ගා⁣ගෙන එන දර්ශනයක්.
ධීවර නළුවො ටික අභිනයෙන්
හබල් ගාමින්වෙරලට ආවා....

දර්ශනය අවසානයේ නාට්‍ය පිලිබඳව
සමාලෝචනයක යෙදුණු නැසීගිය
ප්‍රවීණ නාට්‍ය වේදී ගාමිණි
හත්තොට්ටුවේගම ගුරුතුමා
මෙහෙම ඇහුවා.....

" හැමෝම හොඳට කලා...
ඒත් හැම ඔරුවම මෙගොඩට එද්දී..
කාගෙදෝ ඔරුවක් දියඹට ගහගෙන
යනවා වගේ පෙනුණා.....
කවුද ඒ දෙන්නා ......""

පිලිගන්න හිතවතුනි...
ඒ අපේ කතා නායක ජයා සහ
අර ජගත් ජයසිරි...

*****************************************

ජයා බීමටත් කියාපු මෑන් ....
ඇත්තටම බීමට ආධුනික මට හොඳ
පුහුණුවක් ලැබුනෙ ජයාට
පිං සිද්ධ වෙන්න...

ඒ පින නං අපෙ අම්මා
නිතරම අනුමෝදන් කරනවා ජයාට..

දවසක් නාට්‍ය පාසල ඉවරවෙලා
ජයාට ඇල් කොහොල් තිබහක්
ඇවිත් මමයි ජයයි තව එකෙකුයි
බාර් එකකට ගියා.....
බියර් තුනක් ඕඩර් කරලා අපි
තුන්දෙනා කතා කර කර ඉන්න ගමන්
මැනේජරයා ඇවිල්ලා බාර් එකට
පොඩි ලමයි අරගෙන එනවා කියලා අපිට
බැන්නා කියාංකො ........

ටික වෙලාවක් ගියාමයි වැඩේ තේරුණේ......

මමයි ජයයි එක්ක ආපු අනිත් යාළුවා
ඇවිත් තියෙන්නේ නාට්‍යයකට ඇඳපු
සුදු කලිසමයි කමිසෙයි පිටින් ...
අනික ඒකගෙ පෙනුමත් පොඩි එකෙක්ගෙ වගේ.....
කොච්චර පැහැදිලි කලත් මැනේජරයා
තේරුං ගත්තේ නෑ ....
ඉතිං අපිඇල්කොහොල් පවස
නිවා ගන්න එක පැත්තකින් තියලා
අරූට බැන බැන එලියට ආවා....

අද ඒ පෙනුමෙන් පොඩි එකා
ජනප්‍රිය නළුවෙක් ⁣ෆ්‍රෙන්ඩ්ස්.....
නම අහන්ඩ එපා.....

දවසක් ජයා එක්ක බාර් එකක ඉන්න
ගමන් මෑන් ගෙ යාළුවෙක් මුණ ගැහිලා මෙන්න මෙහෙම දෙබස් ටිකක් ගියා...

අඩෝ...අවුලා.... කොහොමද ..

හිහී....අවුලක් නෑ බං..
ඉන්නවා ඉතිං ..

ගිය සුමානෙ මම උඹව දැක්කනෙ
බං බාර් එකේ....

ඉන්න ඇති බං...
අවුලක් නෑනෙ...

අවුලක් නෑ කියන්නේ ...
එදා උඹ තනියම කතා කර කර
බිබී ඉන්නවනෙ මම දැක්කෙ ...

ආ......
එදාද.....
ඒ මම මාත් එක්කම ගැටුනා....
අවුලක් නෑනෙ....

අවුලා සෙට් කල කෑල්ල

ජයා හෙවත් අවුලා ගැන අවසානයට
ලියන කතාව තමා මේ.....

ඊට කලින් කීප දෙනෙක් අහලා තිබුන
ප්‍රශ්න කීපයකට උත්තර දෙන්නං

අවුලා බුකියෙ නෑ ..
අවුලා බැන්ඳෙත් නෑ ..
ඌ ගැන ලියන එක උෟට අවුලකුත්
නෑ කියලා මට ශුවර් .....
අවුලා ලඟ මගෙ නංගිව හරි නෝනව
හරි තියලා යන්න මට බයක් නෑ ..
මොකද ඌ සබ්ජෙක්ට් එකට කැමති අය
එක්ක මිසක් දකින හැම ගෑණියෙක් ටම
ටෝක් කරන්නේ නෑ .....

මම මේ ලියන්නෙ අවුලගෙ පිස්සු වැඩ උනාට
ඌ හොඳ මීටරයක් සමාජෙට....
රාජ්‍ය නාට්‍ය උලෙලවල් වලට අවසානවටයට
පවා සුදුසුකම් ලබපු නාට්‍ය කල එකෙක් .

කලාව සාහිත්‍ය දේශපාලනය ගැන
එලිවෙන කං,කතා කරන්න පුළුවන් එකෙක් .

දෙමව්පියන් ගෙත් , උගෙත් උනන්දුවක්
නැතිකම නිසා කසාදයක් කරගන්න
බැරි උනාට එල පොරක්....

හරි දැන් අන්තිම කතාවට යමු.

ඒ දවස් වල අවුලයි මමයි
රෑ වැඩ කල බව මතක ඇතිනේ ..
ඉතිං උදේ ඉඳලා හවස් වෙනකං
ඕන ජෝගියක් නටන්න වෙලාව තිබුණා ..

මේක ලියන ගමන් මතක් උන සිද්ධියක්
ලියන්නං..

දවසක් මමයි ඒ දවස් වල යාළු වෙලා
හිටිය ගර්ලුයි අවුලයි ගියා නාට්‍යයක්
බලන්න ...
නාට්‍ය පටන් ගන්න කලිනුයි ,නාට්‍ය බලන
ගමනුයි , නාට්‍ය ඉවර වෙලා එනගමනුයි
අවුලයි මමයි නොනවත්වා කතාව...
අහම්බෙන් ගර්ල් ගෙ මූණ දැක්කමයි ද
දෙයියො මතක් උනේ....
ඒක පිපිරෙන්න ඔන්න මෙන්න ..
මේකා එක්ක කතාවට ගිය මට
ගර්ල් එක්ක කතා කරන්න වත්
මතක නැති වෙලා කියාංකො ..
එහෙමට පොර කතාවට...

ඉතිං දවසක් මමයි අවුලයි කටුබැද්දෙ බාර් එකක සෙට් උනා......
උගෙ ගල් බාගෙයි මගෙ බියර් බෝතලෙයි
අඩිය පේන සයිස් දැන් ....
පුරුදු පරිදි අවුලගෙ ගෑණු කේස් ගැන
කතාව ඇදලා ගත්තා ...

බීපු මරගාතෙ මමත් අවුලගෙන්
සපෝට් එකක් ඉල්ලුවා....

"ජයා...
උඹ හැමදාම මොකක් හරි එකක්
සෙට් කරගන්නවා ...
අඩෝ.. මටත් එකක් සෙට් කරලා
දියං කො...."

ඇයි යකෝ ඉන්න එක

" ඒක තියෙනවා තමයි බං...
ටෙම්පරියක් සෙට් කරලා
දියන්කො ටික දවසක් අදින්න"

ඔන්න ඉතිං බීපු මරගාතෙ උනත්
අවුලා පොර ටෝක් දෙන්න පටන්
ගත්තා ..

" සමා...
එහෙම සෙට් කරන්න අමාරුයි සමා.
මම සෙට් කර ගන්න එකක් මං
කොහොමද උඹට සෙට් කරන්නේ ..
ඒම අමාරුයි බං...
උඹ දවසක් මාත් එක්ක වරෙන්කෝ ..
මම කියලා දෙන්නං එකක් ටෝක්
කරන හැටි..."

" අනේ මේ පලයං ජයා...
උඹත් එක්ක පාස්පෝට් කන්තෝරු
ගානෙයි...
බස් වලයි රස්තියාදු ගගහා
බඩු බලන්න එන්න බෑ...
අඩෝ උඹ යාළුවෙක් නං මට
එකක් සෙට් කරලා දියං.."

මගේ බැරි කම වහගන්න ඌට
පොර ටෝක් එකක් දීලා
අපි බොන එක ඉවර කරලා
එලියට ආවා.....

හවස වැඩට යන්නත් තියෙන නිසා
කට්ට අව්වෙ පිච්චි පිච්චී මම ගෙදර
ආවා....
අවුලා බස් එකට නැගලා ගියා .

*********************************************

ගෙදර ඇවිල්ලා මම පැයක් දෙකක්
නිදා ගත්තා ...

නින්දෙන් මට ඇහෙනවා කව්ද ගේට්ටුවට
ගහනවා...

මතක ඇති මම කලින් ලිව්වා ...
අපේ ගෙදර වගේම අහල පහල ගෙවල්
පහ හයකටම එක ගේට්ටුවයි
ඇතුල් වෙන්න තියෙන්නේ කියලා ....

මට නින්දෙන් ඇහෙනවා අවුලගෙ ලවුස්පීකර්
කටහඬ ගේට්ටුව ගාවින් ...

සමා ....සමා....

අඩෝ කෑලි දෙකක් සෙට් උනා...
උඹට එකයි මට එකයි....

උඹට එකයි මට එකයි...

හතරාමාරට බෙලෙක් කඩේ
හන්දියට එනවා කිව්වා...

සමා,...සමා..
අඩෝ ...සමා...

මම නැගිට්ටා නෙමෙයි ...
මිදුලට විසි උනා....

මේකා එදා වගේම අදත් අර ලවුස්පීකර්
කටින් ගේට්ටුව ගාව ඉඳගෙන
ෆුල් ස්ටෝරියම වත්තෙ ගෙවල් පහ
හයටම ඇහෙන්න සැලැස්සුවා...

මට කට උත්තර නෑ ....

අතින් පයින් ඇඟිලි වලින් පෙන්නන්න
පුළුවන් ඔක්කොම කුණුහරුප ටික
පෙන්නලා ඌට ඇඟෙව්වා

නහුකා කට වහගෙන ගෙට වරෙන් ..
අහල පහල ගෙවල් වලට ඇහෙනවා
කියලා .....

මේ ගල් මූසලයා ඒ පාර ගේට්ටුව ඇරගෙන
එන ගමන් කියපි....

නෑ ...නෑ . සමා.....
කාටවත් අැහුනෙ නෑ කියලා .

මට මූව අමුවෙන් කන්න කේන්තියි.

වහාම බෙල්ලෙන් ඇදලා ගෙට දාලා
පුටුවෙ වාඩි කෙරෙව්වා ....

මට ඌරූ ජුවල් නැග්ගට මූට
බනින්නත් හිතෙන්නේ නෑ දැං...

ඇයි ඉතිං ..
මම කිව්වා වගේම මේකා මට
කෑල්ලක් සෙට් කරලලුනෙ....

උට්ටො ...
තොගෙ ලවුස්පීකර් කටින් පාරෙ ඉඳන්
කෑගැහුවම මුළු ගමම දැන ගන්නවා
කියලා අමුතුවෙන් කියන්න ඕනද
ප⁣ෝ.....

අවුලක් නෑ සමා..
ලෑස්ති වෙයං ඉක්මනට හතරාමාරට
කෑලි දෙක එනවා බෙලෙක්කඩේ
හංදියට....
වරෙන් ශර්ට් එකක් දාගෙන....

කෑලි දෙකක්....

ඔව් ...
උඹට එකයි මට එකයි..

මොනවගේ ඒවද...
ගහන්න පුළුවන් ද...

ඒක දන්නේ නෑ සමා...
මම එකක් ටෝක් කලා...
මම ඇහුවා මගෙ යාළුවෙක් ට
කෑල්ලක් සෙට් කරලා දෙන්න කියලා ..
ඒකි යාළුවෙක් එක්ක හතරාමාරට
එන්නං කිව්වා බෙලෙක්කඩේ හංදියට.
ලෑස්ති වෙයං ඉතිං ....

කෙල්ලෙක් නං බෑ බං...
දැන්ටත් එකක් ඉන්නවනෙ..
බැඳපු එකක් නං එල...

ඒක යකෝ උඹ ඒකි හම්බෙලාම
අහපං...
යකෝ දැන් ලෑස්ති වෙයං....
නැත්තං උන් යයි....

මේ යකා මගෙ කාඩ් එක වත්ත මැද්දෙම
කුඩු කලාට මරන්නැයි ඉතින්...
මේම චාන්ස් එකක් ගෙදරටම අරන්
ආවම...

දඩි බිඩි ගාලා ලෑස්ති වෙච්ච මම අවුලා එක්ක
බෙලෙක්කඩේ හන්දියට ගියා
හතරාමාරට කලින් ...

******************************************

කෝ....

හිටපං පොඩ්ඩක් ...

කෝ....
හිටපං පොඩ්ඩක් ...

පිස්සො කලබල උනාට ඩොක්ටර්
කලබල නෑ වගේ....

ටික වෙලාවක් යනකො⁣ට පාර දිහා
බලං හිටිය අවුලා කතා කලා.

" සමා...
අර එන්නේ මචං බඩු දෙක...
අර ටිකක් මහත එකට තමා මම
ටෝක් කලේ..
ඒකත් එක්ක එන පොඩි කෑල්ල වෙන්න ඕනෙ
උඹට සෙට් කරනවා කිව්ව එක"

ගාමන්ට් එකක වැඩ කරන පෙනුමෙක්
තියෙන ගෑණු ලමයෙක් තව ඊට පොඩි
නංගියෙක් එක්ක එනවා පේනවා.

මේවා මචං ගහන්න පුළුවන් ඒවා නෙමෙයි ...
කෙල්ලො දෙන්නෙක් ද කොහෙද ...
ලව් කරන්න හොඳයි ....
පොඩි එක නං ලස්සනයි බං.
මම කිව්වා ...

හරි හරි ...
එව්වා උඹ කතා කරන කොට
දැනගනිං....
දැන් ඇඹරෙන්නෙ නැතුව ටෝක දාපං හොඳේ ....

කොහොම හරි ගෑණු ලමයි දෙන්නා
හෝල්ට් එකට ආවා...
ලොකු ගර්ල් නං කිසි ගානක් නැතුව
අවුලා එක්ක ඉඟිබිඟි කරද්දි
පොඩි ගර්ල් නං තාම මූණ රතු කරගෙන
බිම බලාගෙන ....

මම...
මමත් දැන් ගැහෙනවා ඉතිං ...
එතකොට ත් ගෑණු ලමයෙක් යාළුවෙලා
හිටියට ඉස්ඉස්සෙල්ලාම ස්පෙයා වීල්
එකක් සෙට් කරගන්න හදන දවස...

අවුලා තමයි දවසකටවත් මිනිහා...
යකෝ මේකා මටත් එකක් සෙට්
කලානෙ....
මම හිතිං හිතනවා...

කෝමහරි මුලින්ම ආපු බස් එකට හතර දෙනාම නැග්ගා ...
අවුලගෙ වෙලාවට ඒ ජෝඩුවට තනි
සීට් එකක් ලැබුනා...
වාඩි වෙච්ච වෙලේ ඉඳන් උන් දෙන්නා
කතාව....

මම අර පුංචි ගෑණු ලමයා ගාවම
හිටගෙන...
මොනවා කතා කරන්න ද කියලා මටම
තේරෙන්නේ නෑ ...
ඒ ගෑණු ලමයත් මූණ රතු කරගෙන
හිනාව තද කරගෙන බිම බලාගත්තු
ගමන්මයි.

පෙනුමෙන් , හැසිරීමෙන් නං අපි
හිතපු ජාතියෙ එකක් නෙමෙයි .
පුංචි කෙල්ලෙක් කියලා දැනෙනවා ..

දැන් ඉතිං ....
අවුලා සෙට් කල එකේ...
⁣කෑල්ලත් හෝල්ට් එකට ආපු එකේ..
බස් එකට නැග්ග එකේ...
ලඟ හිටගෙනත් ඉන්න එකේ...
මොනවාහරි කතා කරන්නත් එපැයි...

ඕන උට්ටක් කියලා මම ඒ ගර්ල් ගෙ
අත අහුවෙන්නත් එක්කම පොල්ල
අල්ල ගත්තා
( බස්වල අල්ලං යන්න ගහලා
තියෙන පොලු හොඳෙයි)

පුදුම සීතලක්...
ටික වෙලාවක් සද්ද නොකර හිටපු
එයා හිමීට අත පහතට ගත්තා .

තිබුණු පුරුස ධෛර්යය එකතු කරලා
ගත්තු මම පුළුවන් තරං ලයාන්විත
විදියට මෙහෙම ඇහුවා ....

" ඇයි ...
බයද...."

තාමත් මූණ රතු කරගෙන බිම බලාගෙන
හිනා වෙන ඒ ගර්ල් ඔලුව උස්සලා
එකම එක වාක්‍යයක් කියලා ...
අායි බිම බලා ගත්තා .

" අයියෙ...
මම ඔයාව දන්නවා ..."

මට පොඩි ගටක් ආවා..
මාව දන්නවා කියන්නේ ඉතිං ලකුණු
තමා...
ඔය දහම් පාසල් තරඟ වලදි ,
නාට්‍ය තරඟ වලදී, ස්පෝට් මීට්වල
ඉන්විටේෂන් රිලේ වලදී...
ඔය මොනවා හරි එකකදි මාව
දන්නවා ඇති..

මම එහෙමයි හිතුවෙ ...

"කොහොමද ඔයා මාව දන්නේ ...."

තව ලකුණු වැඩි කරගන්න හිතාගෙන
මම එහෙම අැහුවා ...

ලකුණු කෙසේ වෙතත් තරු විසිවෙන
සයිස් එකේ උත්තරයක් ලැබුනෙ ..

" අයියෙ...
ඔයා නෙළුම් ගෙ අයියා නේද..."

මල හත් ඉලව්වයි...
එක පාරක් ගෙදර රෙස්ට් හවුස් දාලා
නංගිට නෝන්ඩි උනා මදිවට
දැන් නංගිගෙ යාළුවෙක් ට ටෝක්
කරලා තියෙන්නේ ...
මදෑ අවුලා ඉස්ඉස්සෙල්ලාම සෙට්,
කල කෑල්ල......

දැන් මේ කෙල්ල මේක අපෙ නංගිට
කියලා ...
නංගි අම්මටයි, මං යාළුවෙලා ඉන්න
ගර්ල් ටයි කියලා ...
එදා කේස් එකට වඩා බරපතල වැඩ
සහිතව හිරේ ඉන්න හැටි මට
තත්පර දෙකතුනකදී මැවිලා
පෙනුනා....

" සොරි නංගි..."

එහෙම කියපු මම බෙල් ගහලා බස් එකේ
ඉස්සරහට ගියා...

"ජයා බැහැපං..."
අවුලටත් කතා කරගෙනම මම
බස් එකෙන් බැස්සා ...

මාව බස්සලා ඉස්සරහට ගිය බස් එක
ආයෙ නැවැත්තුවා .
කොන්දාගෙන් බැණුං අහගෙන
අවුලත් බැස්සා...

" සමා මොකද අවුල...
කෙල්ල බැහැ කිව්වද..."

කෙල්ල බැහැ කිව්වා නෙවෙයි යකෝ...
ඒකි අපෙ නංගිගෙ යාළුවෙක් ලු...
එදා පෝරියල් එකට වඩා ලොකු
පෝරියල් එකක් ලැබෙයි මේක නංගි
අම්මගෙ කණේ තිබ්බොත්....

අපරාදෙ සමා...
අඩෝ අර කෙල්ල මේ ඉරිදා ෆිල්ම් එක
බලන්න එන්නං කියලත් කිව්වා බං
දෙන්නා එක්ක...

ඌ ඒ වෙනකොට ගිහින් තියෙන දුර කොහොමද ....

**********************************************

අවුලගෙ කතා ඉවරයි ...
බැලූ සැමට ස්තූතියි .

ජයාගෙ තව ජරමරයක්

පලවෙනි කොටස

කලින් කතාවෙ කතා නායකයා ⁣වන
අවුලා නොහොත් ජයන්ත නොහොත්
මගේ බොක්කෙ ෆිට් එක වන ජයා ව
ඔයාලට මතක ඇතිනේ ......

මේ ජයාගෙ තව ජරමරයක්....

මගෙ ෆිට් එක ජයා නොහොත් අවුලා
නාට්‍ය හා රංග කලා ඩිප්ලෝමා එක
කරන්න ආවෙ නාට්‍ය රචනය ගැන
අවුලාට තිබුන හැකියාව නිසා.......
හැබැයි දැන් මට ඒකා ගැන රචනා
කරන්න වෙච්චි එක තමා උනේ...

ඩිප්ලෝමා එක ඉවර උනත් අවුලගෙයි
මගෙයි යාළුකම ඉවර උනේ නැ......

අපි දෙන්නම ඒකාලෙ වැඩ කලේ නයිට්
ශිප්ට් එකක්...
ඉතිං උදේ ඉඳන් හවස හය විතර වෙනකං
අපිට ඕන පිස්සුවක් කරන්න වෙලාව
තිබුණා ....

කලින් පෝස්ට් එකේ මම ජයා එක්ක
බාර් එකකට ගිහින් වෙච්චි දෙයක්
කිව්වා මතක ඇතිනේ.....
ඇත්තටම මට බාර් එකකට යන්න හා හාපුරා
අවස්ථාව ලැබුනෙ අවුලා නිසා තමා....
මෑන් බීමට නං කියාපු බඩුව....

නමුත් මම කියන්න හදන්නේ මෑන් ගෙ
තවත් හැකියාවක් ගැන

කෑල්ලක් ටෝක් කරලා දා ගන්න
පුදුමාකාර හැකියාවක් තියෙන කෙනෙක්
තමා පොර....
කෑලි කිව්වට ඉතිං කෑලිම නෙමෙයි ෆ්‍රෙන්ඩ්ස් ..
ඇන්ටිලා...අක්කලා... බැඳපු කේස්
හොඳේ .....

එහෙම කිව්වට ස්ත්‍රී පක්ෂය කේන්ති
ගන්ඩ එපා හොඳේ ...
මම කිව්වේ අවුලගෙ හැකියාව ගැන..

බස් එකේ නැඟලා බහින පරක්කුවට
මෑන් එකක් ටකල් කරන අවස්ථා
නං එමටයි...
කුඩ පාරවල් කාපු අවස්ථාත් නැතුවම
නෙවෙයි ඉතිං ...
හැබැයි දුර්ලබයි.

කස්ටියට මතක ඇති බම්බලපිටියෙ
ස්ටේෂන් එක ගාව පාස්පෝට්
කන්තෝරුව තිබුන කාලෙ...

ඔතන දැල දාලා ඇති මිනිහා
ඉහේ කෙස් ගානට....

" කොහොමද බං උඹ ඕවා සෙට්
කරගන්නෙ "
ඉරිසියාවෙන් පැලෙන සයිස්
එකෙන් මම වෙලාවකට අහනවා..

" මොනාද සමා ඔව්වා ..
ඔතන වටයක් කැරකුනු ගමන් තනියම ආපු
එකක් මීටර් කර ගන්නවා...
පාස්පෝට් එක හදන වැඩේට එහෙට
මෙහෙට දුවලා පැනලා වැඩේ කරලා
දෙනවා...
පාස්පෝට් එක ගන්න හවස් වෙනකං
ඉන්න ඕන නිසා පැයක් දෙකක්
කොහෙට හරි අදිනවා..."

ඕකා එක හුස්මට කියලා දැම්මට
ඒක එක්ස්පීරියන්ස් එකත් එක්කම
එන්න ඕන එකක් මිසක් අපි ඕක
කරන්න ගියා නං හතර හන්දි
කඩාගෙන තමා නතර වෙන්නේ ..

දැන් තමයි කතාව

දවසක් මෑන් ට කෙල්ලෙක් සෙට් උනා..

ඇත්තටම අවුලා හිතලා නෑ මේක
කෙල්ලෙක් කියලා ...
පොඩි බබෙක්ව අතින් අල්ලන් කඩේට
යනවා දැකපු අවුලා හිතලා තියෙන්නේ
බැඳපු එකක් කියලා ...
සෙට් වෙලා මීට් උනාම තමයි දන්නේ
ඒ අක්කගෙ ලමයා කියලා ...

දැන් ඉතිං මෑන් මේක අදිනවා...

ඉස්සර අද වගේ හෑන්ඩ් ෆෝන් හැමෝටම
නෑ.....
කොමිනිකේෂන් වල පිහිට තමා...
මුණ ගැහෙන්න සතියකට කලින්
වත් කතා කරලා දින දාගන්නවා..

එක දවසක් අවුලට කෑල්ල එක්ක
රූම් එකකට යන්න සල්ලි නෑ ....

මිනිහා මගෙන් උදව්වක් ඉල්ලුවා...
සල්ලි නෙවෙයි ...
රූම් එකක්...

මම කලින් කිව්වේ මමයි අවුලා නොහොත්
ජයා යි රෑ වැඩ කරන්නේ කියලා ...
ඉතිං දවල් වරුවම ගෙදර තමා..

දවල්ට අපේ ගෙදර මම විතරයි ..
අම්මා වැඩ...
නංගි වැඩ...
මල්ලි ස්කෝලෙ ....

ඉතිං දවල් වරුව ගෙදර මම විතරයි ...
ජයා ⁣අපේ ගෙදරට අර ගර්ල් ව
එක්කගෙන එන්න කල්පනාව..

මටත් බෑ කියන්න බෑ....
බොක්කෙ ෆිට් එකනෙ...

මම කැමැත්ත දුන්නා ...
හැබැයි මේ ටිකත් කියලා ..

ජයා...
වැඩේ කරගනිං ..
අවුලක් නෑ ....
හැබැයි පුතෝ උඹ දන්නවනේ...
අපේ වත්තෙ ගෙවල් පහ හයක්
තියෙනවා ....
කෑ ගැහිලි බෑ....
සද්ද බද්ද බෑ...
විශේෂයෙන් උඹේ ලවුස්පීකර් ⁣කට
වහං හිටපං හොඳේ ....
නැත්තං මගෙ කාඩ් කුඩු...

"පිස්සුද සමා...
අවුලක් නෑ ...එල එල"

*******************************************

කොහොම හරි ඒ දවස උදා උනා ...

උදේ දහය විතර වෙද්දි කපල් එක ගෙදර
ආවා....
මම කියපු විදියටම ගේට්ටුවට
තට්ටු නොකර බොහෝම පුරුදු
විදියට ගේට්ටුව අැරගෙන ගෙදරට ආවා..

ජයා...
කරන වැඩක් සද්දෙ වහලා කරගනිං..
විශේෂයෙන් උඹෙ ලවුස්පීකර් කට වහං,
හිටපං හොඳේ ....
නැත්තං අහල පහල මිනිස්සු හිතයි
ගේ ඇතුලෙ වලියක් කියලා ..
පැය දෙකකින් විතර මම එන්නං...
එතකං මගෙ කාඩ් කුඩු නොකර
වැඩේ කරගනිං හොඳේ ....

දෙන්න තියෙන උපදෙස් ඔක්කොම ටික
දීලා මම පාර පැත්තට ගියා...

යන ගමන් මාත් එක්ක වැඩ කරන
යාළුවෙක් මුණ ගැහුනා
( කතාවට සම්බන්ධ කෙනෙක් ඈ)
ඒ මහේෂ් ...
එයාටත් විස්තරේ කියලා එයත් එක්කම
ගාලුපාරේ කඩයක් කරන යාළුවෙක්
මුණ ගැහෙන්න ගියා
( එයත් සම්බන්ධයි කතාව⁣ට)

දෙන්නටම ජයාගේ කතාව කියලා
කඩේ කරන යාලුවගෙන් එයාගෙ
පුෂ් බයිසිකලෙත් ඉල්ලගෙන
මම මහේෂුත් එක්ක අපි එක්ක
වැඩ කරන අක්කා කෙනෙකුගෙ
ගෙදර ගියා....

ඇයි ඉතිං පැය දෙකක් යවා ගන්නත්
එපැයි...

කතා⁣වෙ හොඳම හරිය දැන්

ඒ ගෙදරට ගිහින් විනාඩි ගාණක්
ගියෙ නෑ ..... කෝල් එකක් ආපි
ගෙදර ලෑන්ඩ් ලයින් එකට.

ඉතිං මට මොකෝ...
මගේ ගෙයක් නෑ ....

" සමන්ත මල්ලි ....
ඔයාව ඉල්ලන්නේ ...."

ඒ ගෙදර අක්කා එහෙම කියලා...
මට ෆෝන් එක දික්කලා .....

( මේක කියවන බොලාට ⁣දැනෙනවද
ඉස් මුදුන සීතල වේගෙන යනවා..
පිට දිගට හිරි වැටීගෙන යනවා...
කකුල් දෙක හොල්ලන්න බැරුව
ලොක් වීගෙන යනවා...
උගුර කට වේලිලා යනවා....)

අැයි යකෝ කවදාවත් නැතුව පිට
ගෙදරකට ගිහින් ඉඳිද්දි ඒ ගෙදරට
කවුරු හරි කතා කරලා ගෙදරට
ආපු අමුත්තට කතා කරන්න පුළුවන් ද
කියලා අහනකොට එහෙම වෙන්නේ
නැද්ද .....

අනික ගෙදර මරාලයක් සෙට්
කරලා තියෙද්දී ......

මොකක් නමුත් බාල්දියක් ...
මොලේ ස්නායු එක හෙලාම
සඥා කරන්න පටන් ගත්තා ...

අව සිහියෙන් වගේ මම ෆෝන් එක
දිහාට ඇදී....ලා ගිහින් ෆෝන් එක
කණේ තියාගෙන හලෝ කිව්වා...

සමන්ත ...සමන්ත
මම කතාකරන්නෙ....
( අර කඩේ යාළුවා )

අන්න උඹලගෙ නංගි ගෙදර ගියා...
අසනීපයි කියලා නිවාඩු දාලා
ඇවිල්ලා ...
අපේ කඩෙන් කිරි පැකට් එකකුත්
අරන් ගියේ...
අවුලා තාම ගෙදර නේද....

මට දැන් හතර හන්දිත් පණ නෑ

අක්කෙ අපි යනවා ...
එහෙම කියාගෙන මම එලියට පැන්නා..
යාළුවා මහේෂුත් ඒ එක්කම ආවා..

මොකද අවුල...

මහේෂ් ....
අපෙ නංගි වේලසනින් ඇවිල්ලා බං..
අන්න ගෙදර යනගමන්ලු..
කඩේ එකා කිව්වේ ...
ජයා ව දැකලා මොන ජංජාලයක්
වෙයිද දන්නෑ බං....

අම්මට සිරි....
මොකක්ද කරන්නේ දැන්...

මොනා කරන්නද කියලා තේරෙන්නේ
නෑ බං....
අර ජෝඩුව ගෙදර ඉන්නවා දැක්කොත්
ජංජාලයයි....
කොහොම හරි නංගිට කලින් ගෙදර
ගියොත් හරි....
මගෙ හතර හන්දිත් පණ නෑ මහේෂ් ..
උඹ පාගපං බයිසිකලේ ..

මම බයිසිකලේ පදින්න මහේෂ්ට
දීලා පොල්ලෙ වාඩි උනා....

මට දැන් පිච්චර් එක වගේ
මැවෙනවා
නංගි ගෙදරට යන හැටි..
දොරට තට්ටු කරන හැටි...
අවුලා දොර අරින හැටි...

නංගි ගේඇතුලට යයිද..
ඇතුලෙ ඉන්න ගෑණු ලමයව
දකීද....
උන් දෙන්නගෙ ජිංකි ජිංකාව
ඉවරද...
නැද්ද ....
ඒ හොන්තුව අැඳුම් ඇඳලා ඉඳීද...
නැද්ද ....
නංගි කෑ ගහයිද ....
නැද්ද ....
අහල පහල අය එයිද....
නැද්ද ....

ආයෙ කතා දෙකක් නෑ ...
ගෙදර වසලත් හමාරයි ...
වත්තෙ ගෙවල් වල උන්ට මූණ
දීලත් හමාරයි ....
පාරෙ ගිහිල්ලත් හමාරයි ...
දහම් පාසලේ උගන්නලත් හමාරයි ...
⁣ගමේ ඉඳලත් හමාරයි....
ආයෙ නිකං ගේ ඇතුලෙ රෙස්ට් හවුස්
එකක් කලා කියලා තමා කතන්දරේ
යන්නේ ....

බයිසිකලේ යන ටිකට මමම ප්‍රධාන
චරිතෙ රඟපාන මගේම පිචැර් එක
මටම පේනවා දැන්...

මහේෂ් ...
ඕක හයියෙන් පාගලා යමං උට්ටෝ.....................

*********************************************

ඒ වෙනකොට මහේෂයා දාඩියෙන්
පෙඟිලා ....
හතර හන්දි පණ නැති මම තාම
පොල්ලෙ....

කොහොම හරි ගෙවල් වලට හැරෙන
පාර ගාවට ආවා...
කලබලයක් නෑ තාම

ගේට්ටුව ගාවට ආවා...
කලබලයක් නෑ තාම.

වත්තට ආවා ...
කලබලයක් නෑ තාම.

අපි දෙන්නා උපාසක බලල්ලු දෙන්නෙක්
වගේ ගේ දොරකඩට ආවා...
කලබලයක් නෑ තාම....

ගෙදර සාලෙ නංගි වාඩි වෙලා ඉන්නවා .
අවුලා වාඩි වෙලා ඉන්නවා .
අර කෙල්ලත් වාඩි වෙලා ඉන්නවා .

මට දැන් මාර අවුල...
වැඩේ ගොඩින් ෂේප් උනේ කොහොමද
කියලා හිතාගන්නම බෑ...

කමක් නෑ ...
කොහොම හරි ෂේප් වෙලානෙ.....
ජයාවයි කෙල්ලවයි එලියට අරගෙන
විස්තරේ අහගන්ඩ ඕනෙ...

එහෙම හිතපු මම
"අපි යංද මචං...
කියලා කියන්න හදන කොටම...

අර ගොං මෝඩ මූසල අවුලා...
උගෙ ලවුස්පීකර් කටෙන්...

එක වචන පේලියකින්
සම්පූර්ණ කතාවම කියලා
ඉවර කලා කියහංකෝ

සමා...
අවුලක් නෑ සමා...
අපි දෙන්නා වැඩේ ඉවර කරලා
දොර අරිනකොටම තමයි නංගි ආවෙ
නංගිට මාට්ටු නෑ සමා........

ඉතාම කැත...
අප්‍රසන්න සතෙක් දැක්කා වගේ
මූණ වෙනස උනු නංගී ගස්සගෙන
ගෙට ගියා..

******************************************

මීලඟට
අවසාන කොටස
අවුලා මට සෙට් කල කෑල්ල