2018/11/10

රැල්ලට යාම හෙවත් හොඳම මිතුරාගේ පටි රෝල් කිරීම...



සුනිමල් ජයන්ත ...
එහෙමත් නැත්තං ජයා..
මෑන් ගැන තමයි මේ එලිදක්වන්න
යන්නේ .....

මට ජයා උනාට අනිත් හැමෝම මෑන්ට
කතා කලේ " අවුලා " කියලා ..
හේතුව තමයි " අවුලක් නෑ " කියන වචන
දෙක නිතරම පිටවීම...

මේක කියවන අයගේ හිතසුව පිණිසත්,
මෑන් ගෙ හැටි හරියට අඳුනගන්න
පහසු වෙන්නත් එක්ක අවුලා නැත්තං
ජයාව මට මීට් වෙච්චි විදිය කියලම පටන්
ගන්නංකො..

99/2000 ජාතික තරුණ සේවා සබාවෙ
"නාට්‍ය හා රංග කලාව" ඩිප්ලෝමා පාඨමාලාව
සඳහා සම්මුඛ පරීක්ෂණ දෙකකින් පස්සේ
කොළඹ දිස්ත්‍රික්කයෙන් තුන් දෙනෙක්
තේරුනා.

ඒ ගල්කිස්සෙන් මමත්
දෙහිවලින් සුනිමල් ජයන්ත නොහොත්
අවුලා නොහොත් ජයා ත්
මට්ටක්කුලියෙන් ජගත් ජයසිරිත්
( ජයසිරි පස්සෙ කාලෙක කලාවෙන්
වගේම අපෙනුත් සමුගත්තා)

අද කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිත වෙන
මිහිර සිරිතිලක , අතුල ජයසිංහ ,
අසංක පෙරේරා , ආලෝක සම්පත්
වගේම මාධනී මල්වත්ත මේ හැමෝම
එදා ඒ පාඨමාලාව හදාරපු සිසුන්.

ඉතිං කතාවට එමුකෝ...

අපෙ කතා නායක ජයා මට පලමු දවසෙම
හිතවත් උනා....
කිට්ටුව ගමේ නිසා එකට යන්න එන්න වීමට
අමතරව ,
කතාබහ කරද්දි දැනගත්තු විදියට
අපි දෙන්නම ඒ කාලෙ එකම ආයතනයේ
ශාඛා දෙකක සේවය කිරීමත්
( පාට්ටයිම් ජොබ් එකක්) හිතවත් කමට බලපෑවා....

අදාල කතාවට එන්න ඕන නිසා
නාට්‍ය පාසලේ වෙච්චි දහසක්
මතක අතරින් එකක් දෙකක් මතක්
කරලා ඉන්නං..

මෑන් ගැන නාට්‍ය පාසලේ ප්‍රසිද්ධ මතකය
තමා මෑන්ගෙ හයි වොලියුම් ටෝන් එක.....
හරියට කණ ලඟ ලවුස්පීකර් බැන්ඳා වගේ තමයි ..
පස්සේ කාලෙක ජයාගෙ ලවුස්පීකර් වොයිස්
එක නිසා මම කාපු කටු නං අනන්තයි ..

පස්සෙ පස්සෙ නාට්‍ය පාසැලේ ජයා
කතා කරන්න හදන හැම වෙලාවෙම
කවුරු හරි " මචං.. වොලියුම් අඩු කරහං"
කියලා කියන්න පටන් ගත්තා ...
ඔය වැඩේ නිතරම කරන්න බාර ගත්තේ
අද ජනප්‍රිය නළුවෙක් වෙන ආලෝක..

ජයාගෙ රඟපෑමුත් නරකම නෑ ....
දවසක් අපි පේරාදෙණිය වලේ⁣ කෙටි නාට්‍ය
කීපයක් පෙන්නුවා...
එක නාට්‍යයක ජවනිකාවක් තමා
ධීවර පිරිසක් මුහුදේ සිට ඔරු වලින්
වෙරලට හබල් ගා⁣ගෙන එන දර්ශනයක්.
ධීවර නළුවො ටික අභිනයෙන්
හබල් ගාමින්වෙරලට ආවා....

දර්ශනය අවසානයේ නාට්‍ය පිලිබඳව
සමාලෝචනයක යෙදුණු නැසීගිය
ප්‍රවීණ නාට්‍ය වේදී ගාමිණි
හත්තොට්ටුවේගම ගුරුතුමා
මෙහෙම ඇහුවා.....

" හැමෝම හොඳට කලා...
ඒත් හැම ඔරුවම මෙගොඩට එද්දී..
කාගෙදෝ ඔරුවක් දියඹට ගහගෙන
යනවා වගේ පෙනුණා.....
කවුද ඒ දෙන්නා ......""

පිලිගන්න හිතවතුනි...
ඒ අපේ කතා නායක ජයා සහ
අර ජගත් ජයසිරි...

*****************************************

ජයා බීමටත් කියාපු මෑන් ....
ඇත්තටම බීමට ආධුනික මට හොඳ
පුහුණුවක් ලැබුනෙ ජයාට
පිං සිද්ධ වෙන්න...

ඒ පින නං අපෙ අම්මා
නිතරම අනුමෝදන් කරනවා ජයාට..

දවසක් නාට්‍ය පාසල ඉවරවෙලා
ජයාට ඇල් කොහොල් තිබහක්
ඇවිත් මමයි ජයයි තව එකෙකුයි
බාර් එකකට ගියා.....
බියර් තුනක් ඕඩර් කරලා අපි
තුන්දෙනා කතා කර කර ඉන්න ගමන්
මැනේජරයා ඇවිල්ලා බාර් එකට
පොඩි ලමයි අරගෙන එනවා කියලා අපිට
බැන්නා කියාංකො ........

ටික වෙලාවක් ගියාමයි වැඩේ තේරුණේ......

මමයි ජයයි එක්ක ආපු අනිත් යාළුවා
ඇවිත් තියෙන්නේ නාට්‍යයකට ඇඳපු
සුදු කලිසමයි කමිසෙයි පිටින් ...
අනික ඒකගෙ පෙනුමත් පොඩි එකෙක්ගෙ වගේ.....
කොච්චර පැහැදිලි කලත් මැනේජරයා
තේරුං ගත්තේ නෑ ....
ඉතිං අපිඇල්කොහොල් පවස
නිවා ගන්න එක පැත්තකින් තියලා
අරූට බැන බැන එලියට ආවා....

අද ඒ පෙනුමෙන් පොඩි එකා
ජනප්‍රිය නළුවෙක් ⁣ෆ්‍රෙන්ඩ්ස්.....
නම අහන්ඩ එපා.....

දවසක් ජයා එක්ක බාර් එකක ඉන්න
ගමන් මෑන් ගෙ යාළුවෙක් මුණ ගැහිලා මෙන්න මෙහෙම දෙබස් ටිකක් ගියා...

අඩෝ...අවුලා.... කොහොමද ..

හිහී....අවුලක් නෑ බං..
ඉන්නවා ඉතිං ..

ගිය සුමානෙ මම උඹව දැක්කනෙ
බං බාර් එකේ....

ඉන්න ඇති බං...
අවුලක් නෑනෙ...

අවුලක් නෑ කියන්නේ ...
එදා උඹ තනියම කතා කර කර
බිබී ඉන්නවනෙ මම දැක්කෙ ...

ආ......
එදාද.....
ඒ මම මාත් එක්කම ගැටුනා....
අවුලක් නෑනෙ....

No comments:

Post a Comment