2018/11/10

කොන්දා සහ අපි



ස්කෝලෙ කාලෙ ගොඩක්ම ආතල් ගත්තු
තැනක් තමයි බස් හෝල්ට් එක කියන්නේ ...
ඕන දේකට සෙට් කොල්ලො රැලක් ඉන්න
කොට මොනවද කරන්න බැරි.

ඒ අතර අපි අතින් නොමඳ හිංසනයට
ලක් වෙච්ච එකෙක් තමයි මේ කියන
කොන්දා . හෙවත් කොන්දොස්තර මහත්තයා .

මොකක්දෝ හේතුවකට ඌ අපේ සෙට් එකත්
එක්ක ⁣බද්ධ වෛරෙන් හිටියේ .....
ඒක ඉතිං අපි මෑන් ව බයිට් කරන්න උත්තේජනයක් කර ගත්තා .

*******************************************

දවසක් ස්කෝලෙ ඇරිලත් පැය බාගයක්
විතර හෝල්ට් එකේ ලගා ගහං ඉන්න
අතර අර වාසනාවන්ත බස් එක ආවා.
අර සුකුමාල පරම අහිංසක බද්ධ වෛරක්කාර
කොන්දත් ෆුට්බෝඩ් එකේ එල්ලීගෙන ම
වැඩියා..

ඔය අතරෙ අපේ එකෙක් අඩියක් දෙකක්
ඉස්සරහට ගිහින් කොන්දාගෙන්
අහනවා......

අයියෙ අයියෙ .....
කොහාටද යන්නේ ....
( හැමදාම හෝල්ට් එකට එන බස් එක
යන්නේ කොහාටද කියලා නොදැන
අහනවා නෙමෙයි හොඳේ )

කොන්දා කියපි.
මොරටුව මොරටුව ...
යන අය නඟින්න මොරටුව ..

අයියෙ මොරටුව තව ඉස්සරහා.....
⁣ඕම්ම කෙලින්ම යන්න අයියෙ....
කෙලින්ම ගියා ම මොරටුව ...

මොකක්ද කියන්නේ ....

මොරටුව තව ඉස්සරහා....
ඕම්ම කෙලින් යන්න ...

වටපිට ඉන්න ස්කෝලෙ කෙල්ලොයි අපියි කැකිරි පලන හිනාවක් දැම්මා ..

මොරටුවට යන හැටි තමුසෙ කියන්න
ඕන්නෑ ඕයි......
නඟිනවා නං නඟිනවා නැත්තං නිකං
ඉන්නවා ....

අපි නඟින්නෙ නෑ ඕයි තමුසෙගෙ ලදරමේ....
තමුසෙ යනවා නං යනවා....

තමුසෙ කියන්න ඕන්නෑ ඕයි යන්න.
අපි හැමදාම යනවා තමයි ..
රංජි අයියෙ අද්දනවා ඕයි බස් එක

හූ..... කොන්දා හූ.....
මොරටුව තව ඉස්සරහා....
හූ..........

*****************************************

ආයෙ දවසක්

බස් එක ආවා..

අපේ එකෙක් දුවලා ගිහින් ෆුට්බෝඩ් එකේ
එල්ලුනා...
දැන් අපේ මෑන්ගෙ එක කකුලක් බිම .
අනික් කකුල ෆුට්බෝඩ් එකේ...
එක අතකින් බාර් එක අල්ලගෙ මෑන් අපිට
කතා කරනවා මෙහෙම.....

ඒයි,නැගහල්ලා....
වරෙන් ....

ඕකෙ යන්න බෑ බං
වෙන එකක යං...

මේකෙ යං බං..
වරෙල්ලා කට්ටිය නැඟහං
අයියෙ මේක මොරටුව නේද...

ඔව්,ඔව් මොරටුව තමයි ..
නඟිනවා නං,නඟිනවා ..

ඕකෙ යන්න බෑ බං වෙන එකක යං..

දැන්,ඔය විදියට අරූ බස් එක නවත්තගෙන
අපිට කතා කරනවා..
අපි බෑ කියනවා....
ඩයිවර හෙවත් රංජි අයියා රේස් කර කර ඉන්නවා .....

මේ සෙල්ලම බලන්න බැරි තැන කොන්දා කෑ ගැහුවා ...

තමුසෙලා යනවා නං නඟිනවා ඕයි...
අපිට පරක්කු වෙනවා මෙතන..

අනේ තමුසෙට පරක්කු වෙනවා නං
තමුසෙ යනවා ඕයි ....
අපි එන්නං වෙන එකක..
ඕන තරං පාරෙ බස් තියෙන්නේ ....
මේම කියාගෙන ෆුට්බෝඩ් එකේ හිටපු
යාළුවා බැහැලා ආවා....

විනාඩි කීපයක් අපි වෙනුවෙන් තැපගෙන
හිටපු බස්එක සැර දුමක් දාගෙන ගියා..

අඩෝ කොන්දා හූ......

********************************************

ඉන්ටවල් එක වෙලාවෙ යාළුවෙක් මරු නිව්ස්
එකක් ගෙනාවා.

අඩො අර බස් ⁣එකේ ඩයිවරයා මාරුවෙලා..
රංජි අයියා නෙමෙයි ඉන්නේ ...

කොහොමද දන්නේ ....

ඊයෙ මෑන් ආවෙ නෑ ...
අද උදෙත් නෑ .....
අළුත් පොරක් ඉන්නේ ...

දෙමුද වැඩක් .
################

හවස වෙනදා වගේම බස් එක හෝල්ට් එකට
ආවා..
එදා නං කට කපලා සෙනඟ...
කොන්දා බස්එකෙන් බිමට බැහැලා
ජනේල වලින් අත ඇතුලට දාලා තව ඉඩ ගන්නවා ..

ඔය ඔතනින් තව එහාට යන්නකෝ...
ඉඩ තියෙනවනෙ ඇතුලෙ ..
මේ ෆුට්බෝඩ් එකේ කට්ටිය තෙරපෙනවා..
යන්ඩකො එහාට..
ඔන්න ඕගොල්ලොන්ටමයි පරක්කු
වෙන්නෙ....

අපි සෙට් එකම පැනපු ගමන් ෆුට්බෝඩ් එකේ
එල්ලුනා ....
එකෙක් ඩ්‍රයිවර්ට සයිඩ් කන්නාඩියෙන්
ෆුට්බෝඩ් එක පේන්නෙ නැති විදියට කවර්
කර ගත්තා ..
හැම එකාම කොන්දට එල්ලෙන්න බැරි විදියට
කකුල තියාගන්න බැරි විදියට ෆුට්බෝඩ් එක
හිර කර ගත්තා ....

හරි හරේ.......
අපේ එකෙක් කෑගැහුව

කොන්දයියා දාලා බස් එක ඇද්දුවා....
අළුත් ඩ‍්‍රයිවර්ට කොන්දගෙ කටහඬ
එච්චර ගානක් උනේ නෑ ....
අපි හුරේ දදා කෑගගහා ෆන් එක ගත්තා .

හැබැයි ඒ හෝල්ට් දෙකක් විතර යනකං
විතරයි ..

කඩාගෙන ආපු ත්‍රීවීලර් එකක් හෝන් ගහගෙන අැවිත් බස් එක හරස් කලා...

තුම්මුනිං දාඩිය දාගෙන ..
මූණ වෙසමුණියා කරගෙන ත්‍රීවීලර් එකෙන්
බැහැපු කොන්දා මුලින්ම ආවෙ ඩ්‍රයිවර්
ගාවට.....

මොන £ත්තක්ද ඕයි තමුසෙ කරන්නේ ..
මං නඟින්නත් කලින් බස් එක අද්දන්නෙ............
තමුසෙට මෝල්ගායද ...
£කන්න තියලා මෙතන ..

අම්මට සිරි ...
බස් එකට නැගලා නෙමේද හිටියේ ..
මට යං කියලා කිව්ව නිසා ඕයි ගියේ..

යං කිව්වා ....
අම්මගෙ රෙද්ද කිව්වේ ...
හොඳ වෙලාවට ත්‍රීවීල් එකක් හම්බුනේ...
නැත්නං මොරටුවට යනකං තමුසෙ යනවා
⁣ගොනා වගේ....

නෑ මල්ලි කවුද හරි හරී කිව්වා
ඒකයි ඇද්දුවේ

හරි හරී....
මේ £ත්තිගෙ කොල්ලො නඟින කොට
මට හිතුනා මොකක් හරි කෙලියක්
කියලා....

කොන්දා එහෙම කියාගෙන ෆුට්බෝඩ් එක
දිහාට ආවා...
ඒ වෙනකොට අපි ෆුට්බෝඩ් එකේ නෑ ...
මොකද්දෝ හදිසි වැඩක් මතක් වෙලා
කට්ටිය ම ඒකට ගිහින් ..
( පැනලා දිව්වා නෙමෙයි හොඳේ )

ඊට පස්සෙ කාලයක් යනකං ඒ
බස්එක අපෙ හෝල්ට් එකේ නැවැත්තුවෙ
නෑ .

4 comments:

  1. මේ වගේ කොන්දල ලබාපු එක උඹලගෙ පෙර පින තමා ... උන්ගෙ පිනට තමයි උඹ උන්ගෙ රෑට් එකේම ඉපදිල තියෙන්නෙ 😂

    එකපාරක් අපේ ගමේ ඉදං කිලෝමීටර් 4-5 ක් ගිහිං බස් එක හරවං ආව කොන්දව මග දාල ගිහිල්ල 😁

    ReplyDelete
  2. Mewwa kiyewwama ayema blog liyanna hithenawa... Digatama liyanna.. rasa Katha bohomayi wage... Good luck...

    ReplyDelete